සංක්‍රාන්ති ලිංගිකයන්ට පාසලක්

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, වැඩිහිටි සංක්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන්

සංක්‍රාන්ති ලිංගිකයන් සඳහා වෙන්වූ නේවාසික පාසලක් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ, කොචින් නගරයේ දී ආරම්භ විය.

පාසල් අධ්‍යාපනය අතරමඟ නතර කිරීමට සිදුවී ඇති වැඩිහිටි සංක්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් මෙවැනි පාසලක් ඉන්දියාවේ විවෘත වූයේ ප්‍රථම වතාවටය.

ඡායාරූප ශීර්ෂ වැකිය, සංක්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් කැපවූ ක්‍රියාධාරිනියක වන කාල්කි සුබ්‍රමනියම්

සමාජයෙන් එල්ලවන හිරිහැර හේතුවෙන් ඉන්දියාවේ බොහෝ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ පාසල් අධ්‍යාපනය කඩාකප්පල්වී තිබේ.

කේරලයේ ආරම්භවූ මෙම පාසලේ ඉගෙනුම ලබන සියලු සංක්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් නවාතැන් සහ ආහාර පාන සඳහා වැයවන මුදල් සපයාදීමට අනුග්‍රාහකයන් ඉදිරිපත්වී සිටින බව පාසලේ සංවිධායකයෝ පවසති.

ඡායාරූප ශීර්ෂ වැකිය, සමාජයෙන් එල්ලවන හිරිහැර හේතුවෙන්

මෙම පාසලේ ගුරුවරුන් වශයෙන් සේවය කිරීම සඳහා සංක්‍රාන්ති ලිංගික ලිංගිකයන් තෝරාගෙන තිබේ.

මෙම පාසල ආරම්භ කරනු ලැබ ඇත්තේ සංක්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් කැපවූ ක්‍රියාධාරිනියක වන කාල්කි සුබ්‍රමනියම් විසිනි.