ඉන්දුනීසියාවේ අධිබල භූමිකම්පාවක්

ඡායාරූප මූලාශ්‍රය, AFP/getty

ඡායාරූප ශීර්ෂ වැකිය, මැග්නිටියුඩ් ඒකක 6.4ක් වාර්තාකළ භූ චලනයෙන් සියගණනක් ගොඩනැගිලිවලට හානි සිදුවී ඇත

උතුරු ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ ඇතිවූ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් පනස් දෙනෙකුට අධික පුද්ගලයන් පිරිසක් ජීවිතක්‍ෂයට පත්වූහ.

තවත් බොහෝ පිරිසක් කඩාවැටුණු ගොඩනැගිලි සුන්බුන් වලට යටවී සිටිනු ඇතැයි සිතියහැකි බව ප්‍රාදේශීය නිලධාරියෙකු පැවසීය.

මෙම භූමි කම්පාවෙන් දෙසීයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තාවේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, මුස්ලිම් දේවස්ථානයක් විනාශවී ඇති ආකාරය

ඉන්දුනීසියානු බලධාරීන් පවසන්නේ මැග්නිටියුඩ් ඒකක 6.4ක් වාර්තාකළ භූ චලනයෙන් සියගණනක් ගොඩනැගිලිවලට හානි සිදුවී ඇතිබවය.

මේ අතර රුපවාහිනී දර්ශන ඔස්සේ දැකගන්නට ලැබුණේ පිදෙයි ජයා දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සහ නිවාස මුළුමනින්ම විනාශවී ඇති ආකාරයයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, සියගණනක් ගොඩනැගිලිවලට හානි සිදුවී ඇතිබවයි වාර්තාවන්නේ

2004 වසරේදී අචේ ප්‍රාන්තයේ ඇතිවූ මැග්නිටියුඩ් ඒකක 9.2 සටහන් කළ භූමිකම්පාවට පසු ඇතිවූ ත්සුනාමි රැල්ල හේතුවෙන් ඉන්දියානු සාගරය අවට ජීවත්වූ ජනතාව සහ දේපළ විශාල සංඛ්‍යාවක් විනාශයට පත්විය.