ෆිදෙල් ගේ නමින් වීදි, ස්මාරක නැහැ

වීඩියෝ ශීර්ෂ වැකිය, අවසන් ගමන් යන විප්ලවීය නායකයා

සිය සහෝදරයාට ගෞරවයක් වශයෙන් 'ෆිදෙල් කැස්ත්‍රෝ' නමින් වීදි හෝ පොදු ස්මාරක නම් කිරීම තම ආණ්ඩුව විසින් තහනම් කරනු ලබන බව කියුබාවේ ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ පවසයි.

කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝ ගේ අවසන් කැමැත්තට අනුව එම තීන්දුව ගත් බව ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ වැඩිදුරටත් කියා සිටියේය.

කැස්ත්‍රෝ වෙනුවෙන් අවසන් ගෞරව දක්වනු වස් සන්තියාගෝ නුවර පැවති දැවැන්ත රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ පුද්ගල වන්දනාවට ලක්වීමට සිය සහෝදරයාට කිසිවිටකත් අවශ්‍ය නොවූ බවය.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, අඩ සියවසකට ආසන්න කාලයක් කියුබාවට නායකත්වය ලබා දුන් ෆිදෙල් කැස්ත්‍රෝ ගේ භෂ්මාවශේෂ අද (දෙසැ.04) මිහිදන් කිරීමට නියමිතය

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, කැස්ත්‍රෝ වෙනුවෙන් අවසන් ගෞරව දක්වනු වස් සන්තියාගෝ නුවරට එක් වූ කියුබානු ජනතාව

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, 2006 වසරේදී ෆිදෙල් සිය ජනාධිපති ධුර වගකීම්වලින් ඉවත් විය

කියුබානු විප්ලවයේ සමාජවාදී ප්‍රතිපත්ති සමග තවදුරටත් රැඳී සිටින බවටත් ෆිදෙල් කස්ත්‍රෝගේ සහෝදර ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ ප්‍රතිඥා දුණි.

අඩ සියවසකට ආසන්න කාලයක් කියුබාවට නායකත්වය ලබා දුන් ෆිදෙල් කැස්ත්‍රෝ ගේ භෂ්මාවශේෂ අද (දෙසැ.04) මිහිදන් කිරීමට නියමිතය.

සිය විප්ලවීය නායකයා වෙනුවෙන් කියුබාවේ ප්‍රකාශයට පත් කරන ලද දින නවයක ජාතික ශෝක කාලය අදින් නිමවේ.