කැස්ත්‍රෝ සමුගනියි

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, පුරා දශක ගණනාවක් ඇමරිකානු පාලනයට එරෙහිව නැගී සිටි කැස්ත්‍රෝ ඝාතන කුමන්ත්‍රණ ගණනාවකින් දිවි බේරා ගැනීමට සමත්විය

කියුබාවේ හිටපු ජනාධිපති සහ එරට කොමියුනිස්ට් විප්ලවයේ නායක ෆිදෙල් කැස්ත්‍රෝ දිවියෙන් සමුගෙන තිබේ.

මිය යන විට කැස්ත්‍රෝ 90 වෙනි වියේ පසුවිය.

ලොව දීර්ඝතම කාලයක් බලය හෙබවූ සහ ලොව බිහි වූ සුවිශේෂී නායකයකු වන කැස්ත්‍රෝ දිවියෙන් සමුගත් බව ඔහුගේ බාල සහෝදරයා මෙන්ම අනුප්‍රාප්තිකයා ද වන කියුබාවේ වත්මන් ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ නිවේදනය කළේය.

කොම්යුනිස්ට් විප්ලවය හඳුන්වා දෙමින් කැස්ත්‍රෝ 1959 වසරේදී කියුබාවේ එවක පැවති ආණ්ඩුව පෙරලා දැමුවේය.

පුරා දශක ගණනාවක් ඇමරිකානු පාලනයට එරෙහිව නැගී සිටි කැස්ත්‍රෝ ඝාතන කුමන්ත්‍රණ ගණනාවකින් දිවි බේරා ගැනීමට සමත්විය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, කියුබාවේ වත්මන් ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ සිය සහෝදරයාගේ අභාවය දැනුම් දෙමින්

කැස්ත්‍රෝගේ ආධාරකරුවන් විසින් ඔහු හඳුන්වනු ලබන්නේ කියුබානු ජනතාව වෙත බලය ලබා දුන් නායකයා ලෙසය.

ෆිදෙල් කැස්ත්‍රෝගේ ආදාහන උත්සවය සෙනසුරාදා පස්වරුවේ පැවැත්වීමට නියමිත බව රාවුල් කැස්ත්‍රෝ වැඩිදුරටත් පැවසීය.