ටයිටැනික් නෞකාවේ අල්මාරි යතුරක් වෙන්දේසියේ

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, යතුර ඩොලර් තිස් පන්දහසකට අධික මුදලකට අලවි වනු ඇතැයි වෙන්දේසිකරුවෝ පවසති

ටයිටැනික් නෞකාවේ ජීවිතාරක්ෂක කබා ගබඩා කොට තිබූ අල්මාරියක් විවෘත කිරීම සඳහා නෞකා සේවකයකු විසින් භාවිත කරන ලද යතුරක් වෙන්දේසියේ අලවි කිරීමට නියමිතයි.

අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූ ටයිටැනික් නෞකාවට අයත් දෙසීයකට අධික සිහිවටන අද (ඔක්.22) එංගලන්තයේ පැවැත්වෙන වෙන්දේසියට ඉදිරිපත් කොට තිබේ.

එම යතුර ඩොලර් තිස් පන්දහසකට අධික මුදලකට අලවි වනු ඇතැයි වෙන්දේසිකරුවෝ පවසති.

ටයිටැනික් නෞකාවේ කපිතාන් එඩ්වඩ් ස්මිත්ගේ මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොවූ ඡායාරූප ද වෙන්දේසිය සඳහා ඉදිරිපත් කොට තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, 1912 වසරේ දී එංගලන්තයේ සවුතැම්ටන් සිට ඇමරිකාවේ නිව්යෝක් බලා සිය මංගල චාරිකාව ඇරඹි ටයිටැනික් නෞකාව

1912 වසරේ දී එංගලන්තයේ සවුතැම්ටන් සිට ඇමරිකාවේ නිව්යෝක් බලා සිය මංගල චාරිකාව ඇරඹි ටයිටැනික් නෞකාව හිම කුට්ටියක ගැටී අනතුරට පත් වූයේ උතුරු අත්ලාන්තික් සාගරයේදී.

අනතුරට පත් වන විට මගීන් එක්දහස් පන්සීයකට වැඩි පිරිසක් එහි ගමන් ගත්හ.