තායිලන්ත ශෝක කාලයේ කළු රෙදි හිඟයක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

කළු ඇඳුමින් සැරසුණු දහස් සංඛ්‍යාත ජනතාව දිවියෙන් සමුගත් භූමිපාල් අතුලතේජ් රජතුමාට අවසන් ගෞරව දැක්වීම පිණිස තායිලන්තයේ බැංකොක් නුවර රජමාලිගය ඉදිරිපිට පෙළ ගැසී සිටිති.

කළු පැහැති ඇඳුමින් සැරසුණු පිරිස්වලට කුඩා කණ්ඩායම් වශයෙන් මාලිගය වෙත ඇතුළු වීමට අවසර ලැබේ.

රට පුරා කළු පැහැති ඇඳුම්වල හිඟයක් ඇති විය හැකි බවට බලධාරීහු අනතුරු හඟවති.

ඡායාරූප මූලාශ්‍රය, Andre Malerba

කළු පැහැති කමිසවල මිල ඉහළ දැමීමට උත්සාහ කරන වෙළෙන්දන්ට එරෙහිව නව දඩ මුදල් හඳුන්වා දීමට බලධාරීන් විසින් කටයුතු කරනු ලැබ ඇත.

මෑත ඉතිහාසයේ වැඩිම කාලයක් සිහසුන දැරූ පාලකයා වන භූමිපාල් අතුලතේජ් රජු සිහසුන හෙබවූ කාලය වසර 70 කි.