ඉතාලියේ දරුණු භූමිකම්පාවකින් පිරිසක් මරුට

වීඩියෝ ශීර්ෂ වැකිය, Many buildings in the town of Amatrice were reduced to rubble

රික්ටර් මාපකයේ 6.2 ක් පෙන්නුම් කළ මධ්‍යම ඉතාලියේ සිදුවූ දරුණු භූමිකම්පාවකින් මේ වනවිට අවම වශයෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් ඇති බව ඉතාලි බලධාරීහු පවසති.

වඩාත්ම දරුණු හානි සිදුවී ඇති ඇමට්‍රිස් නගරයේ නගරාධිපතිවරයා පැවසුවේ නගරයෙන් භාගයක් පමණ විනාශ වී ඇති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉතා දරුණු භූමිකම්පාවක් බවයි ඉතාලි බලධාරීන් පවසන්නේ.

අකියුමොලි නගරයේ හතරදෙනෙකුගෙන් යුත් පවුලක් ඔවුන්ගේ නිවසේ සුන්බුන් වලට යටවී මියන්නට ඇති බවටයි බිය පළකෙරෙන්නේ.

ඉතාලි වේලාවෙන් පාන්දර 03:36 ට පමණ රෝමයට ඊසාන දිගින් සැතපුම් 65 ක් පමණ ඈතින් වූ ප්‍රදේශයකටයි මේ භූමිකම්පාව බලපා ඇත්තේ.

රෝමයේ ද ඇතැම් ගොඩනැගිලි මිනිත්තු 20 ක පමණ කාලයක් සෙලවීමට ලක්වූ බවයි වාර්තාවන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, බදාදා උදෑසනයි භූමිකම්පාව සිදුවූයේ

මරණ සංඛ්‍යාව තවත් ඉහල යාහැකි බව බලධාරීහු පවසන අතර මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ප්‍රකාශ කළේ පුද්ගලයන් 309 කට මරු කැඳවූ 2009 වසරේ අකුයිලා ප්‍රදේශයේ සිදුවූ භූමිකම්පාවද මෙම භූමිකම්පාවට සමාන වූ බවයි.

මෙම භූමිකම්පාව හේතුවෙන් වඩාත් දරුණු විනාශයක් සිදුවී ඇති ඇමට්‍රිස් නගරයේ පුද්ගලයන් කිහිපදෙනෙකු මියගොස් ඇති අතර දිවි බේරාගත්තවුන් සෙවීමේ මෙහෙයුම් දියත්කොට ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, දිවිබේරාගත්තවුන් සෙවීම අරඹා ඇත

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමට්‍රිස් නගරයේ විනාශවී ගිය ගොඩනැගිලි

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, භූමිකම්පාව හේතුවෙන් ඓතිහාසික ගොඩනැගිලි රැසකට ද හානි සිදුවී ඇත

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, තුවාලකරුවන් ට ප්‍රථමාධාර ලබා දීමද සිදුවෙමින් පවතී

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, වඩාත් දරුණු අනතුරු සිදුවී ඇත්තේ කුඩා නගර වලටයි