'දුකෙන්' සිටි හිම වලසා මිය යයි

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, පිළිකා රෝගයකට ගොදුරු වූ ආටුරෝගේ සහාකාරිය 'පෙලුසා' 2012 වසරේදී මිය ගිය අතර එතැන් පටන් ආටුරෝ මානසික ආතතියට ගොදුරු වී සිටි බවයි පැවසෙන්නේ

ආජන්ටිනාවේ සිටි එකම හිම වලසා මිය ගිය බව 'මෙන්ඩෝසා' සත්වෝද්‍යානය පවසයි.

නමින් 'ආටුරෝ' ලෙස හැඳින්වූ ඉහත කී හිම වලසා මිය යන විට තිස් වන වියේ පසු විය.

ආටුරෝ මීට වසර දෙකකට ඉහතදී ජාත්‍යන්තර අවධානයක් දිනා ගත් සත්වයෙකි.

වඩාත් ශීත දේශගුණයක් පවතින කැනඩාවට ආටුරෝ මාරු කර හරින ලෙස ඉල්ලමින් දහස් සංඛ්‍යාත පිරිසක් පෙත්සමකට අත්සන් තැබූහ.

කෙසේ නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මෙන්ඩෝසා සත්වෝද්‍යානයේ බලධාරීන් කියා සිටියේ සිහිසන් කොට රැගෙන යෑම ආටුරෝගේ වයසට ඔරොත්තු නොදෙනු ඇති බවයි.

පිළිකා රෝගයකට ගොදුරු වූ ආටුරෝගේ සහාකාරිය 'පෙලුසා' 2012 වසරේදී මිය ගිය අතර එතැන් පටන් ආටුරෝ මානසික ආතතියට ගොදුරු වී සිටි බවයි පැවසෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ආජන්ටිනාවට රැගෙන එන විට ආටුරෝගේ වයස අවුරුදු අටකි

වයෝවෘද්ධ භාවය හේතුවෙන් ඒ වන විටත් ආටුරෝගේ ශරීර සෞඛ්‍ය දුර්වල වී තිබූ බවත් සත්වෝද්‍යාන බලධාරීහු වැඩිදුරටත් කියා සිටියහ.