තේ සඳහා 'සන්ධානය දුන් මිලවත් ලබා දෙන්න'

ඡායාරූප මූලාශ්‍රය, Ajithlal Shanthaudaya
තවමත් විසඳුම් නොමැති තේ අර්බුදයට තාවකාලික විසඳුමක් වශයෙන් අමු තේ දලු කිලෝවකට පසුගිය සන්ධාන රජයෙන් නියම කළ රුපියල් හැත්තෑවවත් ලබා දෙන ලෙස ඉල්ලා බලංගොඩ නගරයේ විරෝධතාවක් පැවැත්වින.
පැවති වර්ෂාව නොතකා බලංගොඩ බස් නැවතුම් පොල ඉදිරිපිටට එක් රැස් වූ විරෝධතාකරුවෝ පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ යෙදුනහ.
කුඩා තේ වතු හිමියන් ඇතුළු සබරගමු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරු පිරිසක් ද එක් උද්ඝෝෂණයට එක් වී සිටියහ.
''තේ වගාකරුවන්ට දෙන බවට පොරොන්දු වූ සහන කෝ?'' ජනපතිවරයා ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවෙන් විරෝධතාකරුවෝ ප්‍රශ්න කළහ.
























