නව පත්කිරීම් කිහිපයක් : නව ආරක්ෂක ලේකම්වරයෙක් හා වැඩ බලන පොලිස්පතිවරයෙක්

ඡායාරූප මූලාශ්‍රය, Shantha Kottegoda/FB

ඡායාරූප ශීර්ෂ වැකිය, නව ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටෙගොඩ
කියවීමේ කාලය: මිනිත්තු 2

ඡායාරූප මූලාශ්‍රය, President media

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් හිටපු හමුදාපති විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටෙගොඩ නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කරනු ලැබ තිබෙන අතර, වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පත් කර තිබේ.

නව පත්කිරීම් සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ නීතිපති ජයන්ත ජයසූරිය නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බවය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

ඡායාරූප මූලාශ්‍රය, President media

ඡායාරූප ශීර්ෂ වැකිය, නව අගවිනිසුරු - ජයන්ත ජයසූරීය

එමෙන්ම සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා වැඩබලන නිතිපතිවරයා ලෙස පත් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, President media

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා

මේ අතර හිටපු පොලිස්පතිවරයෙකු වන එන් කේ ඉලංගකෝන් ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

ඡායාරූප මූලාශ්‍රය, President media

අතිරේක විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න නව විගණකාධිපතිවරයා ලෙස පත්කරනු ලැබීය.

ඡායාරූප මූලාශ්‍රය, President media

ඡායාරූප ශීර්ෂ වැකිය, චූලන්ත වික්‍රමරත්න - නව විගණකාධිපති

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලින් අනතුරුව පැය 24 තුළ ආරක්ෂක අංශවල ප‍්‍රධානීන්ගේ වෙනසක් කිරීමටත් බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ, ඉකුත් අඟහරුවාදා (අප්‍රේල් 23) රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ප්‍රහාර සම්බන්ධයෙන් විදේශීය රාජ්‍යයක ඔත්තු සේවාවකින් තොරතුරු ලැබී තිබුණ ද ඒ සම්බන්ධයෙන් තමන් හෝ කැබිනට් මණ්ඩලය දැනුවත් නොකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මීට ඉහත දී පැවසීය. එමෙන්ම එම රහස් තොරතුරු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට ආරක්ෂක අංශ කටයුතු නොකළ බවට අමාත්‍ය රාජිත සේනාරත්න ද චෝදනා කළේය.

පසුව ජනාධිපතිවරයා ද පැවසුවේ තමන්ට ද එම තොරතුරු දැනුම් දී නොතිබූ බවකි.

ආරක්ෂක අමාත්‍ය පදවිය ද හොබවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ත්‍රිවිධ හමුදා අණදෙන නිලධාරියා ද වේ.

කෙසේවෙතත්, මතුවූ තත්ත්වය හමුවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන් බවට විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා පළවෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් පෙන්වා දුන්නේ, වගකීම් පැහැර හරින ලද එම නිලධාරීන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවය.

උද්ගතව පැවති තත්ත්වය හමුවේ ආරක්ෂක ලේකම් තනතුරේ ක්‍රියාකළ හේමසිරි ප්‍රනාන්දු පසුගිය 25 වෙනිදා සිය තනතුරෙන් ඉල්ලා අස්විය.

එහෙත්, පොලිස්පති තනතුරේ මෙතෙක් ක්‍රියාකරමින් සිටි පූජිත් ජයසුන්දර මෙතෙක් එම තනතුරෙන් ඉවත් වී ඇති බවක් පළවී නැතත්, වැඩ බලන පොලිස්පතිවරයෙකු ජනාධිපතිවරයා විසින් සඳුදා (අප්‍රේල් 29) පත් කරනු ලැබිණි.

කියවන්න :