බංගලාදේශයේ ක්රිකට් තරඟ මුදලට පාවා දීම ගැන විමර්ශන

බංගලාදේශයේ අන්තර් ජාතික ක්රිකට් පරිපාලක තරඟ මුදලට පවා දීමට සම්බන්ධ හත් දෙනෙක් තමන් චිසින් හඳුනා ගෙන ඇති බව අන්තර් ජාතික ක්රිකට් පරිපාලක මණ්ඩලය කියා සිටී.
මේ සම්බන්ධයෙන් ඩකා අගනුවර පුවත් පත් සාකච්ඡාවක් ඇමතු අන්තර් ජාතික ක්රිකට් පරිපාලක ඩේව් රිචඩ්ස්ර්න් කියා සිටියේ විනය ක්රියා මාර්ගය අවසන් වන තුරු සියලු චුදීතයින් නිවැරදිකරුවන් සේ සලකන බවයි.
චෝදනා ලැබූ හත් දෙනාම ක්රීඩකයින් නොවන නමුත් හිටපු ක්රිකට් ක්රීඩා නායක මොහ්මෙඩ් අශ්රෆුල් මේ චූදිතයින් අතරේ සිටින බව විස්වාශ කෙරේ.
























