2020 යුරෝපා පාපන්දු කුසලානය: ඉතාලියට ජය, එංගලන්ත ක්‍රීඩා ලෝලීන් කණගාටුවෙන්, සමාජ ජාල ඔස්සේ වර්ගවාදී ප්‍රකාශ

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, එංගලන්ත පාපන්දු රසිකයන් මධ්‍යම ලන්ඩනයේදී

2020 යුරෝපා පාපන්දු කුසලාන අවසන් මහා තරඟයේදී ඉතාලිය හමුවේ එංගලන්තය ලද පරාජයත් සමග බලාපොරොත්තු කඩ වූ පාපන්දු රසිකයෝ ඊට ප්‍රතිචාර දක්වමින් සිටිති.

අවසන් මහා තරඟය නිමාවට පත් වූයේ දඬුවම් පහර 3-2 වශයෙන් ඉතාලිය ජය ලබමිනි.

ලන්ඩනයේ වෙම්බ්ලි ක්‍රීඩාංගනයට එක් වූ 60,000 පමණ ඉදිරියේ එංගලන්ත කණ්ඩායම පරාජයට පත් වූ අතර අවන්හල්, එළිමහන් ස්ථාන සහ නිවෙස් තුළ සිටිමින් තවත් මිලියන ගණනක් තරඟය නැරඹුහ.

කේම්බ්‍රිජ් හි ආදිපාද විලියම් කුමරු, ආදිපාදවරිය කේට් සහ ඔවුන්ගේ වැඩිමහල් පුත් ජෝර්ජ් කුමරු ද ක්‍රීඩාංගනයේ නරඹන්නන් අතර විය.

රාජකීය යුවල ඉතාලියට සහ ඉතාලි රසිකයන්ට ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතූහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එංගලන්ත කණ්ඩායම දඬුවම් පහර මගින් ගෝල රැස් කරන අවස්ථාවේ කේම්බ්‍රිජ් ආදිපාදවරිය

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පරාජය හමුවේ වේදනාවට පත් එංගලන්ත පාපන්දු ලෝලීන්

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, මධ්‍යම ලන්ඩනයේ, එංගලන්ත සහ ඉතාලි පාපන්දු ලෝලීන් දෙපසට වෙන් කරමින් සිට ගත් පොලිස් නිලධාරීන්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, වෙනීසිය ඇතුළු ඉතාලිය පුරා ජය සමරමින් සිටිති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝමයේ, ජයග්‍රහණයෙන් උද්දාමයට පත් ඉතාලි පාපන්දු ලෝලීන්

තරඟය ආරම්භ වීමට මත්තෙන් ක්‍රීඩාංගනයේ හටගත් නොසන්සුන්තා හේතුවෙන් ඉරිදා (ජුලි 11) 45 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ලන්ඩනයේ මෙට්‍රෝපොලිටන් පොලිසිය පැවසීය.

මේ අතර බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා තිබුණේ එංගලන්තය "විරුවන් ලෙස ක්‍රීඩා කළ" බවය. "ඔවුන් ජාතිය ආඩම්බරයට පත් කළා, එහි ගෞරවය ඔවුන්ට හිමි විය යුතුයි," යනුවෙන් අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජේඩන් සන්ෂෝ සහ මාර්කස් රැෂ්ෆර්ඩ් දෙදෙනාම දඬුවම් පහර ඔස්සේ ගෝල රැස් කිරීමට අසමත් වූහ

මේ අතර ඉතාලිය හමුවේ ලද පරාජයෙන් පසු එංගලන්ත කණ්ඩායමේ මාර්කස් රැෂ්ෆර්ඩ්, ජේඩන් සන්ෂෝ සහ බුකායෝ සාකා ඉලක්ක කර එල්ල වන වර්ගවාදී ප්‍රකාශ පාපන්දු සම්මේලනය විසින් හෙළා දකිනු ලැබ ඇත.

තරඟයේ ජය පැරදුම තීරණය කිරීම සඳහා ලබා දුන් දඬුවම් පහරවලදී ගෝල ලබා ගැනීමට ඔවුන් තිදෙනාම අපොහොසත් විය. ඒ සමග සමාජ මාධ්‍ය ජාල තුළ ඔවුන් ඉලක්ක බවට පත්ව ඇත.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මෙට්‍රොපොලිටන් පොලිසිය "එම ක්‍රියාව නොඉවසනු" ඇති බව ප්‍රකශ කළේය.

එවැනි අපහාස කිරීම ඉතාමත් භයංකර තත්ත්වයක් බව පාපන්දු සම්මලෙනය පවසයි.

යුරෝපා කුසලානය තුළදී තරඟ ආරම්භයේ, එංගලන්ත ක්‍රීඩකයෝ වාර්ගික අසමානතාවට එරෙහි සටන අවධානයට ලක් කිරීම සඳහා දණ බිම තබා ආචාර කරනු දක්නට ලැබිණි.

මේ ගැනත් කියවන්න