මාලදිවයින් හිටපු ජනපති යමීන්ට වසර 11ක සිරදඬුවමක් කෙරුණේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනාවන්ට වරදකරු වූ මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට එරට අපරාධ අධිකරණය (දෙසැම්බර් 25 වැනිදා) වසර 11ක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන 5 ක දඩයක් නියම කරනු ලැබීය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 1

පෞද්ගලික සමාගමකින් නීතිවිරෝධීව මුදල් ලබා ගැනීම ඇතුලු චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබේ.කෙසේ වෙතත් යමීන් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

හිටපු ජනපති යමීන්ට 2018 දී බලය අහිමි වූ නමුත් 2023 දී පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා ඔහු මාලදිවයින් ප්‍රගතිශීලී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

අබ්දුල්ලා යමීන් මාලදිවයින් හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම්ගේ අඩ සහෝදරයෙකි.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් 2020 පෙබරවාරි 6 වන දින මාලේ හිදී, මහාධිකරණ තීන්දුවෙන් පසු, නැවත බන්ධනාගාර ප්‍රතිශෝධනය සඳහා රැගෙන යන අවස්ථාවක්

2019 දී ද ඔහුට වසර පහක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන 5 ක දඩයක් නියම කෙරුණු අතර නිවාඩු නිකේතන සංවර්ධන අයිතීන් බදු දීමෙන් රාජ්‍ය අරමුදල් ඩොලර් මිලියනයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එම චෝදනා එල්ලවී තිබුණි.

දඬුවම් කිරීමෙන් පසු, යමීන් 2020 දී නිවාස අඩස්සියේ තබා මාස කිහිපයකට පසු නිදහස් කරන ලදී.

නිදහස් වූ දා සිට, යමින් මාලදිවයිනේ ඉන්දියානු බලපෑමට එරෙහි ව්‍යාපාරයක් සමඟ නැවත ක්‍රියාකාරී දේශපාලනයට පැමිණියේය.

ඉන්දියන් සාගරයේ උපාය මාර්ගික නාවික මංතීරුවලට ආසන්නව පිහිටා ඇති මාලදිවයින, කලාපය තුළ බලපෑම සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය අතර බල තරගයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙයි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 2