2024 ජනාධිපතිවරණය: රනිල්, සජිත්, අනුර සහ නාමල් රට පාලනය කරන්නේ කොහොම ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කියවීමේ කාලය: මිනිත්තු 2

2024 ජනාධිපතිවරණ සටනේ සිටින අපේක්ෂකයින් 38 දෙනා අතර අපේක්ෂකයින් වන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ නාමල් රාජපක්ෂ මේ වන විට සිය ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදක්වා තිබේ.

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර ඇත්තේ, 'පුළුවන් ශ්‍රී ලංකා' ලෙස ය. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර ඇත්තේ, 'සැමට ජයක්' ලෙස ය.

'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' ලෙස ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර ඇත්තේ, 'ඔබ වෙනුවෙන් දියුණු රටක්' යනුවෙනි.

මේ, එම ප්‍රතිපත්ති ප්‍රකාශන අධ්‍යයනය කර, ඒවා පිළිබඳව ප්‍රධාන මාතෘකා 8ක් ඔස්සේ පාඨක ඔබ වෙත බීබීසී සිංහල ගෙන එන සංක්ෂිප්ත වාර්තාවකි.

මෙහි එක් එක් අපේක්ෂකයින්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළත් නොවන බව සලකන්න.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දා පැවැත්වීමට නියමිත ය.

කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.

මේ, එක් එක් අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ප්‍රධාන ප්‍රශ්න 5කට දී ඇති විසඳුම් ය.

කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.