ඩොනල්ඩ් ට්‍රම්ප් : ඇමෙරිකානු නායකයාගේ බ්‍රිතාන්‍ය සංචාරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, උදෑසන 9.00 ට ඇමරිකානු ජනාධිපතිවරයා රැගත් 'එයාර් ෆෝස් වන් (Air Force One)' යානය ලන්ඩන් ස්ටැන්ස්ටඩ් ගුවන්තොටුපලට ලඟාවිය
කියවීමේ කාලය: මිනිත්තු 2

තෙදින නිළ සංචාරයක් අරඹමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද බ්‍රිතාන්‍යයට පැමිණියේය.

ලන්ඩන් වේලාවෙන් උදෑසන 9.00 ට ඇමරිකානු ජනාධිපතිවරයා රැගත් 'එයාර් ෆෝස් වන් (Air Force One)' යානය ලන්ඩන් ස්ටැන්ස්ටඩ් ගුවන්තොටුපලට ලඟාවිය.

මෙම සංචාරය අතරතුරදී ඇමෙරිකානු ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයින් මෙන්ම අග්‍රාමාත්‍ය තෙරේසා මේ මුණගැසීමට බලාපොරොත්තුවන අතර දේශගුණ විපර්යාස ගැටළුව මෙන්ම චීනයේ හුවාවී ජංගම දුරකථන ගැටළුව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම සංචාරය අතරතුර ලන්ඩන් ද ඇතුළුව මැන්චේස්ටේර් , බෙල්ෆාස්ට් සහ බර්මින්හැම් යන ප්‍රධාන නගරවල ඇමෙරිකානු නායකගේ සංචාරයට එරෙහිව විරෝධතා සංවිධානය වෙමින් පවතින බවද වාර්තා වේ.

ජනාධිපති ට්‍රම්ප් නොයෙක් අවස්ථාවන්හී දී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කර ඇතත්, ඇතැම් මාතෘකා සම්බන්ධෙයෙන් දෙපාර්ශවය දරන පරස්පර අදහස් ජුනි 04 වෙනිදා පැවැත්වෙන හමුවේ දී මතු කිරීමට ඉඩ තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 2018 වසරේ දී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය හමු වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා

2017 වසරේ පැරිස් හි පැවති ගෝලීය දේශගුණ විපර්යාස සමුළුවට අදාළ ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව එහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙන් විමසනු ඇති බව රජයේ ප්‍රකාශකයකු පවසා තිබේ.

ආරක්ෂක හේතුන් මත ඇමෙරිකාව චීනයේ නිෂ්පාදිත හුවාවී නිෂ්පාදන තහනම් කළ නමුත් බ්‍රිතාන්‍යය ඔවුන්ගේ 5G තාක්ෂණය සිය රට තුළට ලබා ගත්තේය. හුවාවී ගැටලුව පිළිබඳ දෙරටේ නායකයන් අතර සාඛච්චා පැවැත්වීමට නියමිතය.

සඳුදා දිනයේ දී ( ජුනි 03 ) ඇමෙරිකානු නායකයා ක්ලැරන්ස් මාලිගයේදී චාර්ල්ස් කුමරා සහ කොන්වෝල් හි ආදිපදවරිය සමග තේපැන් සංග්‍රහයකටද සහභාගී වීමට නියමිතය.

මේ තොරතුරුද කියවන්න:

එමෙන්ම, අද ( ජුනි 03 ) සවස බකින්හැම් මාලිගයට පැමිණෙන ඇමෙරිකානු නායකයා සහ ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් එලිසබෙත් රැජින සමග රාජකීය භෝජන සංග්‍රහයකට එක්වේ.

මේ අවස්ථාවට විලියම් කුමරු සහ කේට් කුමරියද සහභාගීවනු ඇති බව පැවසුනද , සිය කුළුදුල් දරු උපත සිදුවූ ආසන්නයේ සිටින හැරී කුමරු සහ මෙගන් කුමරිය එක් නොවනු ඇති බව ද සඳහන් වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය සංචාරය අතරතුර ඇමෙරිකානු නායකයා ලන්ඩනයේ "රීජන්ට්ස් පාර්ක්" හි පිහිටි බ්‍රිතාන්‍යයේ ඇමෙරිකානු තානාපතිවරයාගේ නිල නිවසේ නවාතැන් ගනු ඇත

එමෙන්ම බකිංහැම් මාලිගයේදී අමුත්තන් අමතන ජනාධිපති ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ සිටින ප්‍රමුඛ පෙළේ ඇමෙරිකානුවන් මුණගැසීමට ද නියමිතය.

සිය සංචාරය අතරතුර ඇමෙරිකානු නායකයා ලන්ඩනයේ "රීජන්ට්ස් පාර්ක්" හි පිහිටි බ්‍රිතාන්‍යයේ ඇමරිකානු තානාපතිවරයාගේ නිල නිවසේ නවාතැන් ගනු ඇත.

ට්‍රම්ප් ගේ පැමිණීමට මත්තෙන් ඔහුගේ දියණිය ඉවන්කා ඊයේ දිනයේ ( ජුනි 02 ) එක්සත් රාජධානියට පැමිණ තිබු අතර ඇය වික්ටෝරියා සහ බටහිර ලන්ඩනයේ ඇල්බර්ට් කෞතුකාගාරයේ එළිමහනේ පින්තූර කිහිපයක් සමාජ මාධ්‍ය ජාලවල පළකර තිබිණ.

Skip Instagram post
Instagram අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Instagram විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Instagram කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of Instagram post

මේ අතර හෙට උදෑසන ඇමෙරිකානු නායකයා සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ව්‍යාපාරික ප්‍රජාව මුණගැසීමට නියමිත අතර උදෑසන භෝජන සංග්‍රහයකට ද සහභාගීවීමට නියමිතය.

අනතුරුව දෙරට ප්‍රධානීන් අග්‍රාමාත්‍ය නිල නිවසේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවකටද එක්වේ .

ඇමෙරිකානු නායකයා මෙලෙස සංචාරයේ නිරතවන අතරතුර "ට්‍රෆල්ගා" චතුරස්‍රයේදී ජාතික විරෝධතාවක් ද සංවිධානය කර තිබේ.

එමෙන්ම බදාදා දිනයේ ( ජුනි 05) දෙවැනි ලෝක යුද්ධයේ 75 වන සැමරුම වෙනුවෙන් පොස්ට්මත් හි දී පැවැත්වෙන උත්සවයකටද ජනාධිපති ට්‍රම්ප් සහභාගීවීමට නියමිතය.

ඩුන්බෙග් හි ඔහුට අයත් ගොල්ෆ් පිටියට යාමට ප්‍රථම ඇමෙරිකානු නායකයා අයර්ලන්තයට ගොස් එරට අග්‍රාමාත්‍යවරයා මුණගැසීමට ද බලාපොරොත්තුවේ.