ආසියාවේ ලොකුම 'රතු එළි කලාපය' දේදුනු පැහැ ගැන්වෙයි

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම සිතුවම් නිර්මාණය කරනු ලැබ තිබෙන්නේ සංක්‍රාන්ති ලිංගික කලාකරුවන් අතිනි

සංක්‍රාන්ති ලිංගික කලාකරුවන් කණ්ඩායමක් නැගෙනහිර ඉන්දියාවේ 'කොල්කටා' නගරයේ සොනගාචි (Sonagachi )'රතු එළි කලාප' වර්ණවත් කරමින් සිටිති.

'කොල්කටා' නගරයේ (කලින් කල්කටා) 'සොනගාචි' (Sonagachi )'රතු එලි කලාපයේ ' ලිංගික සේවා සැපයුමේ නිරතවෙන්නන් සමූහයකට වාසස්ථාන වූ ගොඩනැගිලිවල බිත්ති සංක්‍රාන්ති ලිංගික කලාකරුවන්ගේ සිතුවමින් සරසා තිබෙනු දක්නට ලැබෙයි.

'සොනගාචි' (Sonagachi ) ආසියාවේ විශාලතම රතු එළි කලාපය ලෙස සැලකෙයි.

කොල්කටා නගරය මැද පටු මාවත් සහ ඒවා අතර විහිද යන අතු මාවත් සහිත 'සොනගාචි' (Sonagachi ) කලාපයෙහි යටත් පිරිසෙයින් ලිංගික ශ්‍රමිකයන් එකොළොස් දහසක්වත් වාසය කරනු ඇතැයි ඇස්තමේන්තු කරනු ලැබ ඇත.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, 'සොනගාචි' කලාපයෙහි ලිංගික ශ්‍රමිකයන් එකොළොස් දහසක්වත් වාසය කරනු ඇතැයි ඇස්තමේන්තු කෙරෙයි

'බැංගලෝර් නගරයේ කලා හවුලක් සමඟ කටයුතු කරන සංක්‍රාන්ති ලිංගික කලාකරුවන් කණ්ඩායමක් විසින් 'සොනගාචි' (Sonagachi )රතු එළි කලාපයේ ඇතැම් ගොඩනැගිලි සිතුවමින් සරසා තිබෙන්නේ ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ මාධ්‍යයක් වශයෙනි.

ඔවුන්ගේ තවත් ප්‍රයත්නයක් වී තිබෙන්නේ කාන්තාවන්ට එරෙහිව එල්ල කෙරෙන ප්‍රචණ්ඩ ප්‍රහාරවලින් ඔවුන් බේරා ගැනීමය.

බොහෝ ගණිකා නිවාස පවතින්නේ ගරා වැටුන තත්වයක බව පෙනී යයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, අවට නිවාසවල බිත්ති පවා සිතුවමින් අලංකාර කරනු ලැබ ඇති ආකාරය

(3)

ගණිකා නිවාස පමණක් නොව ඒවා යාවෙන වෙනත් නිවාසවල බිත්ති පවා සිතුවමින් අලංකාර කරනු ලැබ ඇති ආකාරය දක්නට ලැබෙයි.

රතු එළි කලාපයේ අලංකාර කරන බිත්ති පාමුල වෙළෙඳාමේ නිරතවූවන් සහ පාරිභෝගිකයන් සාමාන්‍ය පරිදි ගත කරනු දක්නට ලැබෙයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, නගරයේ සාමාන්‍ය ජන ජීවිතය ගෙවෙන ආකාරය

'රතු එලි කලාපයේ ' පිහිටි තවත් ගොඩනැගිලි බිත්ති අලංකාර ලෙස සිතුවම් කිරීම කලාකරුවන්ගේ අදහස වී ඇත.

ගණිකා වෘත්තීය ඉන්දියාවේ ප්‍රධාන සමාජ ප්‍රශ්නවලින් එකකි.

ලිංගික සේවා සැපයීමේ නිරත ඉන්දියානු කාන්තාවන්ගේ සංඛ්‍යාව තිස් ලක්ෂයක් පමණ වෙතැයි සැලකෙයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ලිංගික සේවා සැපයීමේ නිරත ඉන්දියානු කාන්තාවන්ගේ සංඛ්‍යාව තිස් ලක්ෂයක් පමණ වෙයි

තවත් පුවත්;