'හිත හොඳ' සුනඛ නිලදරුවා: ඉහළ තැනකට

ඡායාරූප මූලාශ්‍රය, Governor of Queensland

ඡායාරූප ශීර්ෂ වැකිය, ගවෙල් පොලිස් සුනඛ අංශයේ පුහුණුව ලබමින් සිටියදී

පමණට වඩා සමාජශීලී වීම හේතුවෙන් පොලිස් සුනඛ පුහුණු ආයතනයෙන් අසමත් වූ බලු සුරතලෙකු පිළිබඳ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.

ජර්මන් ෂෙපර්ඩ් වර්ගයට අයත් ගවෙල් නමැති බලු සුරතලා පොලිස් සුනඛ ආයතනයෙන් අසමත් වී ඇත්තේ අපරාධකරුවන් ලුහු බඳිනවා වෙනුවට නොදන්නා පුද්ගලයන් හා හාද වීමට කැමැත්තක් දැක්වීම හේතුවෙනි.

ගවෙල්, අපරාධකරුවන් ලුහුබැඳ යෑම සඳහා අවශ්‍ය සුදුසුකම් ප්‍රදර්ශනය කර නොමැති බව ඕස්ට්‍රේලියානු පොලිසිය පවසයි.

වාසනාවකට කුවීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාර නිල නිවස එවක සති හයක් වයසැති බලු සුරතලා හදා වඩා ගැනීමට ඉදිරිපත් වී තිබේ.

සිය සිව්පා මිතුරාට අලුත් රැකියා උසස්වීමක් ලබා දීමට තරම් ආණ්ඩුකාර පෝල් ඩි ජර්සි කාරුණික විය.

ඡායාරූප මූලාශ්‍රය, Governor of Queensland

ඡායාරූප ශීර්ෂ වැකිය, ආණ්ඩුකාර පෝල් ඩි ජර්සි ගවෙල් සමග

ඡායාරූප මූලාශ්‍රය, Governor of Queensland

ඡායාරූප ශීර්ෂ වැකිය, ගවෙල් කුඩා අවදියේ

ඒ අනුව ආණ්ඩුකාර නිල නිවසට පැමිණෙන අමුත්තන් පිළිගැනීම සහ විශේෂ උත්සව අවස්ථාවලට සහභාගී වීම ගවෙල්ගේ රැකියා උසස්වීමට පැවරෙන වගකීම් අතර වේ.

එවැනි අවස්ථාවල බලු සුරතලා කුවීන්ස්ලන්ඩ් රාජ්‍ය ලාංජනය සහිත නිල ඇඳුමකින් සැරසී සිටිය යුතුය.

ඡායාරූප මූලාශ්‍රය, Governor of Queensland

ඡායාරූප ශීර්ෂ වැකිය, ගවෙල්ට අලුත් නිල ඇඳුමක්

ගවෙල්ගේ පැමිණීම ආණ්ඩුකාරවරයා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සහ නිල නිවසේ කාර්ය මණ්ඩලයට නොසිතූ සතුටක් ළඟා කර දුන් බව ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

ගවෙල් දිගු ඉතිහාසයක් සහිත පවුල් පසුබිමකින් පැවත එන්නෙකි.