ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"මුගාබේ නිදි නැහැ"
සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ, රැස්වීම්වලදී දිගු වේලාවක් දෑස වසාගෙන සිටින්නේ දෙනෙතට විවේකය ලබාදීමට විනා නින්දට වැටීම නිසා නොවන බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයා පවසයි.
"ජනාධිපතිවරයාට දීප්තිමත් ආලෝකය විඳින්න බැහැ" යනුවෙන් ජනාධිපති ප්‍රකාශක ජෝර්ජ් චාරම්බා පැවසූ බව සිම්බාබ්වේ රාජ්‍ය පුවත්පතක් වන 'හෙරල්ඩ්' වාර්තා කළේය.
අනූතුන් වියැති ජනාධිපති මුගාබේ රැස්වීම් කිහිපයක ම නිදා වැටෙන ආකාරයක් පෙන්නුම් කෙරුණි.
ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ද වත්මන් ජනපති රොබට් මුගාබේ තරග කරනු ඇති බව ප්‍රකාශයට පත්වී තිබේ.
මේවනවිට සිංගප්පුරුවේ රෝහලකින් තම දෑසට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටින රොබට් මුගාබේ ලෝකයේ වයෝවෘද්ධම රාජ්‍ය නායකයාය.
1980 සිට ජනාධිපති පදවිය දරන ඔහු පවසන්නේ රටේ ජනතාව තමන් පලවා හරින තුරු පදවියෙන් ඉවත්ව නොයන බවය.
තම ස්වාමි පුරුෂයා මියගියහොත් ඔහුගේ මෘතදේහයට පවා මීළඟ ජනාධිපතිවරණයෙන් ජයගත හැකි බව ජනාධිපති මුගාබේගේ බිරිඳ වරක් ප්‍රකාශ කර තිබුණි.
70ව දශකයේදී සුළුතර සුදු ජාතික පාලනයට එරෙහිව සටන් වැදුණු ජනතා නායකයකු වන ඔහු නිදහස් සිම්බාබ්වේ රාජ්‍යයේ ප්‍රථම ජනාධිපතිවරයා ය.