රෝගීන්ගෙන් බේරීමට ඉන්දීය වෛද්‍යවරුන්ට කරාටේ පුහුණුව

ඡායාරූප ශීර්ෂ වැකිය, බලාපොරොත්තු සුං වූ රෝගීන්ගේ පහරදීම් වලට ගොදුරු වෙන වෛද්‍යවරුන් සටන් පුහුණුව සඳහා යොමුව ඇත.

ඉන්දියාවේ විශාලතම රෝහල්වලින් එකක සිය ගණනක් වෛද්‍යවරුන් ස්වයං-ආරක්ෂාව සඳහා සටන් පුහුණුව ලබා ගැනීමේ පන්ති ආරම්භ කර ඇත.

ඉන්දීය වෛද්‍යවරු මේ මාසයේ පටන් එවැනි ආත්මාරක්ෂක සටන් පුහුණුවක් ලබා ගැනීමට යන්නේ රෝගීන්ගෙන් සහ රෝගීන්ගේ ඥාතීන්ගෙන් එල්ල කෙරෙන පහරදීම් වලින් බේරීමටයි.

දිල්ලි අගනුවර සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ පැවැත්වෙන ස්වයං ආරක්ෂාව පිලිබඳ පුහුණු පාඨමාලාවට ජූඩෝ ,කරාටේ සහ මල්ලව් පොර වැනි සටන් ශිල්ප ක්‍රමයන් ද ඇතුළත් වෙයි.

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝහල් තදබදය සහ ගාස්තු රෝගීන් ප්‍රචණ්ඩ වීමට හේතු වී ඇත.

ඉන්දියාවේ එක් රෝහලක 40% ක් පමණ වෛද්‍යවරුන් රෝගීන්ගෙන් සහ රෝගීන්ගේ ඥාතීන්ගෙන් එල්ල වූ වාචික හිරිහැර හෝ ශාරීරික පහරදීම් වලට ගොදුරු වී ඇති බව පසුගිය වසරේ සිදු කරන ලද සමීක්ෂණයක දී හෙළිවිය.

එවැනි ක්‍රියා සඳහා රෝගීන් හෝ රෝගීන්ගේ ඥාතීන් යොමු වීමට හේතුව රෝහල්වල පවතින අධික තදබදය සහ ප්‍රතිකාර සඳහා අය කරනු ලබන දරාගත නොහැකි රෝහල් ගාස්තු හේතු වෙන බව මෙම ප්‍රශ්නය පිළිබඳව ඉදිරිපත් කෙරෙන විශ්ලේෂණ වලින් පැවසෙයි.

ඡායාරූප ශීර්ෂ වැකිය, කරාටේ පුහුණුවක් -සංරක්ෂිත ඡායාරූපයකි