ඉතාලි භුමිකම්පාවේ මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළට

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඓතිහාසික නගරයක් වූ අමත්‍රීචේ නගරය සුන්බුන් බවට හැරී ඇති අයුරු

බදාදා උදෑසන මධ්‍යම ඉතාලියේ ඇතිවූ භූමිකම්පාව හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 250 කට ආසන්න වී ඇත.

හදිසියේ ඇතිවූ භූ චලනය අමත්‍රීචේ, අකුමොලින් සහ පෙස්කාරා ඩෙල් ට්‍රොන්ටෝ යන නගර මුළුමනින්ම පාහේ සුන්බුන් බවට පත්කිරීමට සමත්විය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, එළිමහනේ රාත්‍රිය ගත කරන අමත්‍රීචේ පදිංචිකරුවන්

සහන සේවකයන් රාත්‍රිය පුරා දිවි බේරාගත්තවුන් සොයමින් කටයුතුකරද්දී තවත් බලගතු පසු චලනයක් සිදුවී ඇති අතර දැනටමත් විනාශ වී ඇති ගොඩනැගිලි යළි සෙලවීමට ලක්වූ බවයි වාර්තාවන්නේ.

අම්බ්‍රියා, ලසියෝ සහ මාර්කියේ යන කඳුකර පළාත් තුන ට ද භුමිකම්පාව බලපෑ ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, රාත්‍රිය පුරා විපතට පත්වූවන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වුනි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පෙස්කරා ඩෙල් මොන්ටරෝ හි නිවාස සියල්ලක්ම පාහේ විනාශ වී ඇත

ඡායාරූප මූලාශ්‍රය, Google/AP

ඡායාරූප ශීර්ෂ වැකිය, අමත්‍රීචේ නගරයේ ඇතැම් වීදි භූමිකම්පාවට පෙර සහ පසු

ඡායාරූප මූලාශ්‍රය, Google/EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, පෙස්කාරා ඩෙල් මොන්ට්රෝ හි මාවතක් විනාශයට පෙර සහ පසු