මියන්මාරයේත් භූමි කම්පාවක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, භූමි කම්පාවත් සමග බගාන් නගරයේ පිහිටි පෞරාණික ගොඩනැගිල්ලක් දෙසින් නැගෙන දුහුවිල්ල කැමරා කාචයේ සටහන් වී තිබේ

මියන්මාරයේ මධ්‍යම කලාපයේ භූමි කම්පාවක් ඇති වී තිබෙන අතර පුද්ගලයන් තිදෙනකු මරුමුවට පත් වී ඇති බව වාර්තා වේ.

රික්ටර් මාපකයේ 6.8 ක් සටහන් කළ භූමි චලනයේ කම්පනය දුරින් පිහිටි තායිලන්තයේ බැංකොක් නුවරට, බංගලාදේශයේ ඩකා අගනුවරට සහ ඉන්දියාවට ද දැනී තිබේ.

පෞරාණික බගාන් (Bagan) නගරයේ පිහිටි ප්‍රසිද්ධ විහාරස්ථාන කීපයක් සහ ගොඩනැගිලි ගණනාවකට හානි වී ඇති බව බලධාරීහු පවසති.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, භූ චලනයත් සමග ඉන්දියාවේ කල්කටා නුවර ගොඩනැගිලි තුළ සිට පිටතට පැමිණි පිරිසක්