දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙකුට නඩු පැවරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරයි.
නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර ඇති අධි චෝදනා සංඛ්‍යාව 17 කි.
මිනී මැරීම , මිනී මැරීමට තැත් කිරීම, මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම, නීති විරෝධී රැස්වීම ඇතුළු චෝදනා මිට ඇතුළත් වෙයි.
2010 වසරේ ඔක්තෝබර් මස 08 දා පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව කොලොන්නාව ප්‍රදේශයේ ඇතිවූ වෙඩි තැබීමේ සිද්ධියකින් පසුව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මිය ගොස් තිබිණ.
ඊට අදාලව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දීර්ඝ ලඝු නොවන නඩු විභාගයක් පැවතී අතර එහිදී මහේස්ත්‍රාත්වරයා තීන්දු කලේ චෝදනා පවත්වා ගෙන යාම සඳහා දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි.
ඒ අනුව නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් මේ වන විට කොළඹ මහාධිකරණයේ නියෝග මත ඇප මත මුදා හැර ඇත.
























