ගෝඨාභය රාජපක්ෂ ජනපතිධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මින් සුළු මොහොතකට පෙර කථානායකවරයා වෙත භාරදුන් බවට කතානායක කාර්යාලයේ ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවයට පැවසීය.

කෙසේ වෙතත්, ඔහුට එය එවා ඇත්තේ විද්‍යුත් තැපෑලෙන් බැවින් කථානායකවරයාට එම ලිපිය ජනපතිවරයාට කතා කිරීමෙන් එහි සත්‍ය අසත්‍යභාවය නැවත තහවුරුකර ගැනීමෙන් අනතුරුව එය ප්‍රසිද්ධියේ නිකුත් කිරීමට පිළිගත හැකිද යන්න පිළිබඳව නීතිපතිවරයාගෙන් නීති උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවට කථානායකවරයාගේ ප්‍රකාශකයෙකු බීබීසීයට පැවසීය.