පාස්කු ඉරිදා ප්‍රහාර: යළි නැගිටින ශ්‍රී ලංකාව

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් 250 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් විශාල පිරිසක් තුවාල ලබා, මේ වනතෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

ඒ සියලු දෙනා වෙනුවෙන් රටපුරා විවිධ ආගමික වතාවත් සිදු කෙරෙමින් පවතී.

මේ අතර, ආරක්ෂක අංශ ඇතුළු බොහෝ දෙනෙක් දිවා රාත්‍රී වෙහෙසෙමින් ප්‍රහාර එල්ල වූ ස්ථාන නැවත ගොඩනැගීමට ක්‍රියා කරන ආකාරය කැමරා කාචයේ මෙසේ සටහන් වී තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පාස්කු ඉරිදා ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූ අය සිහිකරමින් කොළඹ දී පැවති 'පහන් පූජාවක්'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇති වී තිබෙන තත්වය සමග රට පුරා ආරක්ෂාව තර කර තිබේ. දැඩි වර්ෂාව මධ්‍යයේ සිය රාජකාරියේ යෙදෙන හමුදා නිලධාරීන් පිරිසක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා සිතියමේ හැඩයට පහන් දල්වා ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූවන් සිහිකරන ඉන්දියානුවන් පිරිසක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාර එල්ල වී සතියක් ගත වූ 28 වෙනි ඉරිදා කොළඹ, ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට හැගීම්බරව යාඥාවේ යෙදෙන බැතිමතුන් පිරිසක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සඳුදා (අප්‍රේල් 29) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් නික්මෙන විදේශිකයින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 'නොඑන ගමන් ගිය' ඥාතීන්ගේ සොහොන් කොත් දෙස බලා සිටින මොහොතක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සැකකරුවෙකුගේ නිවසක් අසළ පරීක්ෂා කරන පොලිස් නිලධාරියෙක් සහ පොලිස් සුනඛයෙක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අප්‍රේල් 28 වෙනි ඉරිදා දිවයින පුරා කතෝලික දේවස්ථාන සාම්ප්‍රදායික දේව මෙහෙය නොපැවැත්වීමට ශ්‍රී ලංකා කතෝලික සභාව පියවර ගෙන තිබිණි. කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත්ගේ ප්‍රධානත්වයෙන් අගරදගුරු මන්දිරයේ පැවති දිව්‍ය පූජා යාගය රූපවාහිනී ඔස්සේ නරඹමින් යාඥාවේ යෙදෙනෙ පවුලක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මුර සංචාරයේ යෙදෙන හමුදා සෙබළුන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරවලින් විනාශ වූ ශාන්ත අන්තෝනි දේවස්ථානය පිළිසකර කරන ආරක්ෂක අංශ සාමාජිකයන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දේවස්ථානය සෝදා පවිත්‍ර කරන ආකාරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූවන් සිහිකර කැලණිය විහාරස්ථානයේ සිදු කළ බෞද්ධ ආගමික වතාවත්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරවලින් විපතට පත් වූවන් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශාන්ත මරියා දේවස්ථානය ඉදිරිපිට රැස් වූ පිරිසක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගෝලීය දේශගුණික විපර්යාස සහ පරිසර විනාශයට එරෙහිව දින ගණනාවක් පුරා ලන්ඩන් නුවර පැවති උද්ඝෝෂණ අතරතුර ප්‍රහාරවලින් විපතට පත් ශ්‍රී ලාංකිකයන් සිහි කළ අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පාකිස්තානයේ දිවිගෙවන කතෝලික පිරිසක් පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රහාරවලින් මියගිය අය සිහිකරමින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විපතට පත් ශ්‍රී ලාංකිකයන් සිහි කිරීමට ඉන්දියාවේ සිලිගූරි නගරයට එක්රැස් වූ ඉන්දියානු කතෝලික බැතිමතුන් පිරිසක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "ත්‍රස්තවාදයට ආගමක් නොමැත" යනුවෙන් සඳහන් පුවරුවක් අතැතිව සිටින ඉන්දීය කාන්තාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොළඹ සුපිරි හෝටල්වලට එල්ල වූ ප්‍රහාරවලින් මියගිය බංගලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂයික් ෆස්ලුල් කරීම් සෙලීම්ගේ මුණුපුරාගේ අවමංගල්‍ය උත්සවය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විපතට පත් ශ්‍රී ලාංකිකයන් සිහි කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ලෝකයේ උසම කුලුන මෙසේ සරසා තිබිණි

මේ තොරතුරුද කියවන්න: