මහනුවර: "තත්ත්වය සාමාන්‍ය අතට"

ගෙවීගිය පැය 24ක කාලයක් තුළදී වාර්තාවූ සුළු සිදුවීම් කිහිපයක් හැරෙන්නට මහනුවර තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වේ.

පොලිසිය පෙන්වාදෙන පරිදි දිවයිනේ අනෙකුත් තැන්වල සුළු සිදුවීම් කිහිපයක් වාර්තාවුවද සමස්තයක් ලෙස පවතින්නේ සාමකාමී බවකි.

මහනුවර ජනතාව සිය එදිනෙදා කටයුතුවල යෙදෙන අතර පසුගියදා හටගත් සිදුවීම්වලින් පීඩාවට පත්වූවන් සිය දේපළවලට වූ හානිය සොයාබැලීම සඳහා මගට බැස ඇති බව අප වාර්තාකරුවෝ පවසති.

සබැඳි තොරතුරු:

මේ අතර, දිගන ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයට ගිනිතැබීම හේතුවෙන් සිකුරාදා (මාර්තු 09) යාඥාව සඳහා ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා පිටියක් තෝරාගෙන තිබේ.

ඡායාරූප ශීර්ෂ වැකිය, පාසල් බිමක් සිකුරාදා යාඥාවට සකසමින්

දැඩි හමුදා රැකවරණ මැද ඒ සඳහා ක්‍රීඩා පිටිය සකසන අයුරු අප වාර්තාකරුවන්ට දැකගත හැකි විය.

ඡායාරූප ශීර්ෂ වැකිය, හමුදා රැකවරණ

පොලිසිය පවසා තිබුණේ පැය 24 ක කාලය දී ප්‍රදේශ ගණනාවක කළ සෝදිසි මෙහෙයුම්වලදී පැට්‍රොල් බෝම්බ 20 ට වැඩි ප්‍රමාණයක් සොයාගත් බවය.

මේ අතර ගෙලිඔය ඇතුළු ප්‍රදේශ ගණනාවක බෞද්ධ භික්ෂුන් වහන්සේ ඇතුළු සිංහල ප්‍රජාව එක්ව අදාළ ප්‍රදේශවල මුස්ලිම් ජනතාව ඇතුළු ඔවුන්ගේ දෙපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් සංවිධානගතවූ බවට ද තොරතුරු වාර්තා විය.