බස් වර්ජනය : ධාවනයේ යෙදෙන බස්රථවලට ප්‍රහාර

ඡායාරූප ශීර්ෂ වැකිය, මගීන් මුහුණ දෙන අසීරුතා අඩු කිරීමට ශ්‍රී ලංගම බස් යොදවා තිබූ අතර ඇතැම් ප්‍රදේශවලදී ඊට ගල් පහර එල්ලකර තිබිණි

රථ වාහන වැරදි හතක් සඳහා රුපියල් 25000 දක්වා දඩ මුදල් ඉහළ දැමීමට විරෝධය පළකරමින් පුද්ගලික බස් රථ සංගම් හා ත්‍රිරෝද රථ සංගම් අද වර්ජනයක යෙදේ.

වර්ජනය හේතුවෙන් රට පුරා පුද්ගලික බස් බහුතරය ධාවනයෙන් ඉවත්වීම හේතුවෙන් මගීන් මුහුණ දෙන අසීරුතා අඩු කිරීමට ශ්‍රී ලංගම බස් යොදවා තිබූ අතර ඇතැම් ප්‍රදේශවලදී ඊට ගල් පහර එල්ලකර තිබිණි.

ඡායාරූප ශීර්ෂ වැකිය, රථ වාහන වැරදි හතක් සඳහා රුපියල් 25000 දක්වා දඩ මුදල් ඉහළ දැමීමට විරෝධය පළකරමින් පුද්ගලික බස් රථ සංගම් හා ත්‍රිරෝද රථ සංගම් අද වර්ජනයක යෙදේ.

එවැනි බස් රථ 12 අධික සංඛ්‍යාවක් මෙන් ම වර්ජනය නොතකා ධාවනය කෙරුණු පුද්ගලික බස් කිහිපයක් ද එම ප්‍රහාරවලට ලක්වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පැවසීය.

ගල්කිස්ස, ත්‍රිකුණාමලය, තංගල්ල, මහරගම වැනි ප්‍රදේශයන්හිදී ශ්‍රී ලංගම බස් රථවලට ප්‍රහාර එල්ලවූ බවටත් මීගමුව ප්‍රදේශයේ ධාවනයවූ පුද්ගලික බස් රථයකට ද ගල් ප්‍රහාර එල්ලවී ඇති බවටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කළේය

ධාවනය යෙදුණු ත්‍රිරෝද රථ රියදුරන්ට පහරදීමේ සිද්ධීන් කිහිපයක් ද වාර්තාවී තිබේ.

ත්‍රිරෝද රථ රියදුරන් මාර්ග අවහිර කරමින් කොළඹ හා මිගමුව නගරවල පැවැත්වූ විරෝධතා හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් ඇතිවිය.