කොලොම්බියා සාම ගිවිසුමට කැරලිකරුවන්ගේ ඒකමතික අනුමැතිය

ඡායාරූප ශීර්ෂ වැකිය, FARC ගරිල්ලා නායක තිමචේන්කෝ

කොලොම්බියා ආණ්ඩුව සහ FARC කැරලිකරුවන් අතර සාම ගිවිසුමට ප්‍රධාන කැරලි නායකයන්ගේ ඒකමතික අනුමැතිය ප්‍රකාශයට පත් කරනු ලැබුණි.

එම සටන් විරාම ගිවිසුම සහ සාම ප්‍රවේශය තීන්දු කෙරුනේ අවරුදු හතරකට ආසන්න කාලයක් තිස්සේ ගෙන ගිය සාකච්ඡා වලින් පසුවයි.

සංවිධානයේ විශේෂ සමුළුවක් නිමාවේ අදහස් දැක්වූ FARC ගරිල්ලා නායක තිමචේන්කෝ(Timochenko) කියා සිටියේ සමස්ත කොලොම්බියානු ජනතාවට සාමයේ ප්‍රතිලාභ අත්පත් වෙන බවයි.

සාම ගිවිසුමට ගරු කරන මෙන් කොලොම්බියා ආණ්ඩුවෙන් ඉල්ලා සිටි ගරිල්ලා නායකයා නව ක්‍රියා මාර්ගය තුලින් දායාද කෙරෙන්නේ හුදෙක් සාමය පමණක් නොව සමාජ යුක්තිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණයත් ඊට අන්තර්ගත වෙන බවයි කියා සිටියේ.

කොලොම්බියාවේ ජනාධිපති ජුවාන් මැනුවෙල් සන්ටෝස් සහ නව සාම ගිවිසුමට FARC ගරිල්ලා නායක තිමචේන්කෝ විසින් නව සාම ගිවිසුමට ලබන සඳුදා අත්සන් තබනු ලැබීමට නියමිතයි.

ඡායාරූප මූලාශ්‍රය, GUILLERMO LEGARIA

ඡායාරූප ශීර්ෂ වැකිය, වසර පනහකට පසු සාමයේ බලාපොරොත්තු

සාම ගිවිසුම සම්බන්ධයෙන් ලබන ඔක්තෝබර් මාසයේ ජනමත විචාරණයක් පැවැත්වෙන අතර ගිවිසුම ක්‍රියාවට නැංවෙන්නේ බහුතර මහජනයා ඊට අනුමැතිය පළ කළොත් පමණයි.