ශ්‍රී ලංකාව මැලේරියාවෙන් 'නිදහස්' රටක්

ශ්‍රී ලංකාව මැලේරියාව සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් බවට වූ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත පිළිගන්වනු ලැබ තිබේ.
ලෝක සෞඛ්‍යය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය මාග්‍රට් චෑන් විසින් සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න වෙත ඉහත කී සහතිකය පිළිගන්වනු ලැබූ බවයි සෞඛ්‍යය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ.
සහතිකය පිළිගන්වනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ 69 වන වාර්ෂික කමිටු සැසිවාරය පැවැත්වෙන කොළඹ ගාලු මුවදොර හෝටලයේදී.
ශ්‍රී ලංකාව මැලේරියාව සහමුලින්ම තුරන් කිරීම ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් හඳුන්වනු ලැබුවේ මහජන සෞඛ්‍යය ක්ෂේත්රය තුළ ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණයක් ලෙසයි.























