ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තේ දළු කිලෝ දහයේ කොන්දේසියට කම්කරු විරෝධය
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡාවේදී වෘත්තීය සමිති ඉල්ලා සිටියේ දැනට ලැබෙන හයසිය විස්සක දෛනික වැටුප රුපියල් නමසිය හැත්තෑ පහ දක්වා වැඩි කරන ලෙසයි.
හාම්පුතුන්ගේ සම්මේලනය සහ වතු පරිපාලනය මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි සාකච්ඡාවට සහභාගී වූ ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් එස් රාමනාදන් කියා සිටියේ.
වැටුප රුපියල් පනහකින් වැඩි කිරීමට නම් කම්කරුවන් දිනකට තේ දළු කිලෝ දහයක් අනිවාර්යයෙන් ම නෙළිය යුතු බවට හාම්පුතුන් ඉදිරිපත් කළ කොන්දේසිය සිය වෘත්තීය සමිති විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බවයි ඔහු පැවසුවේ.
ඉතා තදින් වැසි අද හැලෙන කාල වල දී සම්පූර්ණ දිනයම වෙහෙසුනත් එක් කම්කරුවෙකුට තේ දළු කිලෝ හතරකට හෝ පහකට වැඩියෙන් නෙළීමට නොහැකි අතර ඇතැම් දින වල අයහපත් කාලගුණය හේතුවෙන් ඔවුන්ට දළු නෙළීමට යාම පවා අපහසු වන බැවින් මෙම කොන්දේසියට එකඟ නොවූ බවයි එස් රාමනාදන් පෙන්වා දුන්නේ.
ඒ අනුව මාස දහයකට පසුව සාමූහික ගිවිසුම් ඇති වෘත්තීය සමිති සම්මේලන තුනක නියෝජිතයන්, හාම්පුතුන්ගේ සම්මේලනය සහ වතු පරිපාලනය අතර සිදු වූ මෙම සාකච්ඡාව ද එකඟතාවකින් තොරව අවසන් විය.
නැවතත් වතු කම්කරුවන්ගේ වැටුප් පිළිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍යව ඇතත් ඒ සඳහා දිනයක් වෙන් කර ගැනීමට නොහැකි වූ බවයි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් එස් රාමනාදන් ප්‍රකාශ කළේ.