යාපනය සරසවියේ විද්‍යා අංශය තාවකාලිකව වසා දැමෙයි

ඡායාරූප මූලාශ්‍රය, UOG

ඡායාරූප ශීර්ෂ වැකිය, යාපනය විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයක් පැවති අවස්ථාවක්

යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් හා නවක සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් දෙපාර්ශ්වයේ සිසුන් 17 දෙනෙකු තුවාල ලැබීම හේතුවෙනුයි පාලන අධිකාරිය විසින් යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශය වසා දැමීමට තීරණය කර ඇත්තේ.

යාපනය විශ්වවිද්යාලයේ නවක සිසුන් පිළිගැනීම පිණිස උඩරට නැටුමක් පැවැත්වීමට උත්සාහ කරද්දී ඇති වූ මතභේදයක් මෙම ගැටුමට හේතු වූ බව යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ අයෙකු පැවසීය.

යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශය වසා දැමීමත් සමගම එහි සිටි සිංහල සිසුන් සියළුම දෙනා මේ වන විට නිවෙස්වලට ගොස් තිබේ.