අර්ජුන් තෙන්ඩුල්කර්: සචින්ගේ පුතු ශ්‍රී ලංකාවේ තරග කරන ඉන්දියාවේ 19න් පහළ කණ්ඩායමට

ඡායාරූප මූලාශ්‍රය, ABC

ඡායාරූප ශීර්ෂ වැකිය, සචින්තෙන්ඩුල්කර් ගේ දරුවන් දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය සාරා වන අතර, බාල පුතු අර්ජුන් තෙන්ඩුල්කර් ය.

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කර්ගේ පුත් අර්ජුන් එරට 19න් පහළ ජාතික කණ්ඩායම සඳහා තෝරා ගෙන තිබේ.

ඒ අනුව, ජූලි මස පැවැත්වීමට නියමිත එක්දින තරග පහක් සහ සිව් දින තරග දෙකක් සඳහා එම කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මෙතක් ඉන්දියාවේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ ක්‍රිකට් ක්‍රීඩකයා වන සචින්, සිය පුතු ජාතික කණ්ඩායමකට තේරීම "ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක්" බව පැවසීය.

අර්ජුන් සම්බන්ධයෙන් ඉහළ යමින් පැවති මාධ්‍ය අවධානයක් පැවතුන ද ඔහු කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස හොඳින් ක්‍රීඩා කරනු ඇතැයි විශේෂඥයෝ පවසූහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අර්ජුන් තෙන්ඩුල්කර් කුඩා අවදියේදී

පසුගිය ජනවාරි මස බීබීසී ක්‍රීඩා අංශය සමඟ පැවති සාකච්ඡාවකදී අර්ජුන් තෙන්ඩුල්කර් පැවසුවේ ඉන්දියානු ජාතික කණ්ඩායමකට ක්‍රීඩා කිරීම තම සිහිනය බවය.

"ඔව්, මම හුඟක් මහන්සි වෙනවා. ඒක තමයි මගේ එකම සිහිනය" යැයි ඔහු පැවසීය.

ලෝක ප්‍රකට වූ සිය පියාට වඩා සිහින්, උස සිරුරකින් හෙබි අර්ජුන්ට සිය පියාගේ නම හා ඇති බැඳීම ඉදිරියට ගෙන යාම පීඩාවක් වේ දැයි විමසූ විට "මම ඒ පීඩනය අදාළ කරගන්නේ නැහැ" යැයි පැවසුවේය.

"මම පන්දු යවන සෑම අවස්ථාවකම සිතන්නේ සෑම පන්දුවක්ම හොඳින් යවන්න, මා පන්දුවට පහර දෙන විට මට ආවේණික වූ පහරවල් එල්ල කරනවා වගේම පන්දු යවන්නාගේ රටාව හඳුනාගෙන පහර එල්ල කරනවා"

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, සචින් තෙන්ඩුල්කර්

වමත් වේග පන්දු යවන්නකු වන අර්ජුන් තෙන්ඩුල්කර් සඳහන් කළේ තමන් සිතාමතාම පන්දු යවන්නෙක් බවට පත් නොවූ බවය.

"මම උසින් වැඩී, තවත් ශක්තිමත් වුණා," ඔහු සඳහන් කළේය.

"කුඩා කළ මම වේගයෙන් පන්දු යැවීමට ඉතා කැමතියි. ඉන්දියාවේ වේග පන්දු යවන්නන්බොහෝ දෙනෙක් නොමැති නිසා මම ඉන් කෙනෙකු වෙන්න සිතුවා."

පියාගෙන් තීරණාත්මක බලපෑමක් වීදැයි විමසූ විට, "ඔහු මට ගොඩක් උදව් කළා, නමුත් ඔහු බල කළේ නැහැ" යනුවෙන් අර්ජුන් පිළිතුරු ලබා දුන්නේය.

මේ තොරතුරුද කියවන්න: