චැම්පියන්ස් කුසලානය පකිස්තානයට

එංගලන්තයේ පැවැත්වුණු චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගයෙන් ඉන්දියාව පරදා පකිස්තානය කුසලානය හිමි කර ගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම ඕවර 50 අවසානයේදී ලකුණු 338 ක් ලබාගත්තේය. දැවී ගියේ කඩුලු හතරක් පමණි.

දෙවනුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ඕවර 30.3ක් ඇතුලත සියලු දෙනාම දැවී ගිය අතර ඔවුනට ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 158ක් පමණි

ඒ අනුව පකිස්තානය ලකුණු 180කින් ඉන්දීය පිල පරාජය කරමින් 1992න් පසු පකිස්තානු පිල සිය ප්‍රථම ජාත්‍යන්තර සීමිත ඕවර තරග ශුරතාවය වාර්තා කළේය.

ඡායාරූප ශීර්ෂ වැකිය, කාසිය වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි පන්දුවට පහරදීමට පාකිස්තානයට ආරාධනා කළේය

තරගාවලිය පුරා කණ්ඩායම් 14 ක් අතර පැවති තරග 13 කින් අනතුරුව දකුණු ආසියානු කලාපයේ ප්‍රධානම ප්‍රතිවාදීන් දෙදෙනාවන ඉන්දියාව සහ පාකිස්තානය අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලැබූහ.

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාව සහ පකිස්තානය පුරා ක්‍රිකට් ලෝලීහු තරඟය නැරඹුහ

පසුගියදා ලන්ඩන් නුවර ග්‍රෙන්ෆෙල් තට්ටු නිවාසයේ හටගත් ගින්නෙන් මිය ගිය සහ තුවාල ලැබූවන් සිහිකිරීම පිණිස විනාඩියක නිශ්බ්දතාවයෙන් අනතුරුව තරගය ආරම්භ කෙරුණි.

කාසිය වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි පන්දුවට පහරදීමට පාකිස්තානයට ආරාධනා කළේය.