ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රොනල්ඩෝ අනුගාමික සමාජය කෝටි දහය ඉක්මවයි
ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලයේ අනුගාමිකයන් (followers) කෝටි දහය ඉක්ම වූ පළමු පාපන්දු ක්‍රීඩකයා බවට පත් විය.
ඔහුගේ අනුගාමිකයන් සංඛ්‍යාව මේ සතිය තුළ දී කෝටි දහයක් බවට පත් වූයේ ඔහු සිය හතළිස් හත් වෙනි ගෝල ත්‍රිත්වය (hat-trick) වාර්තා කොට දින කිහිපයකට පසුවය.
ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලයේ වැඩිම රසිකයන් හිමි පිරිමියා වන පෘතුගීසි ජාතික පාපන්දු තරුව අනුගාමිකයන් වැඩිම සංඛ්‍යාවක් හිමි ගිණුම් අතරින් හය වෙනි ස්ථානයේ පසු වේ.
බියෝන්සේ, ටේලර් ස්විෆ්ට්, අරියානා ග්‍රෑන්ඩේ, සෙලීනා ගෝමස් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ජාලයේ නිල ගිණුම රොනල්ඩෝට වඩා ඉදිරියෙන් වෙති.
නෙයිමාර් සහ මෙසී
ඔහුට පසු ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලයේ වැඩිම අනුගාමිකයන් සංඛ්‍යාවක් සිටින පාපන්දු තරුව නෙයිමාර් වන අතර එම සංඛ්‍යාව හත් කෝටි හතළිස් ලක්ෂයකි.
ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලය තුළ පාපන්දු ක්‍රීඩක ලියෝනෙල් මෙසී සතු අනුගාමිකයන් පිරිස හත් කෝටි දස ලක්ෂයකට අඩු සංඛ්‍යාවකි.
ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ විසින් ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලයේ පළ කරන ලද ඔහු සිය පුතු සමග සිටින ඡායාරූපය අතිශයින් ජනප්‍රිය විය.