'ඕනම වෙලාවක ඉල්ලා සිටියහොත් ඉරානය ශ්‍රී ලංකාවට තෙල් සපයනවා'-ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

'ඕනම වෙලාවක ඉල්ලා සිටියහොත් ඉරානය ශ්‍රී ලංකාවට තෙල් සපයනවා'-ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ශ්‍රී ලංකාව සිය මිත්‍ර රටක් බවත්, හෝමූස් සමුද්‍ර සන්ධිය සිය මිත්‍ර පාර්ශවීය රටවල යාත්‍රාවලට වසා නොමැති බවත්, එහෙයින් ශ්‍රී ලංකාව වැනි මිත්‍ර පාක්ෂික රටවලට අවශ්‍ය සියලු දේ සැපයීමට ඉරානය සැමවිටම සූදානම් බවත් අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් කියා සිටියේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඕනෑම මොහොතක ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩයක් ඉල්ලා සිටියහොත් ඉරානය එම භාණ්ඩ ශ්‍රී ලංකාවට සපයනු ඇති බවයි.

ශ්‍රී ලංකාව කරදරයක වැටෙනු දැකීමට තමන්ට අවශ්‍ය නොවන බවත්, ශ්‍රී ලංකා ජාතියට ඉරානය ඉතා ගෞරවනීය ලෙස සලකන බවත් ඔහු එහීදි කියා සිටියේය.