ලේ, ඩහදිය සහ කඳුළු: රෙස්ලිං ශූර හල්ක් හෝගන්ගේ දිවියේ නැගීම් සහ පසුබෑම් දෙස ආපසු හැරී බැලීමක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, ඉයන් යංග්ස්
    • Role, සංස්කෘතික වාර්තාකරු
  • කියවීමේ කාලය: මිනිත්තු 6

වයස අවුරුදු 71 දී මිය ගිය හල්ක් හෝගන්, වෘත්තීය රෙස්ලිං ක්‍රීඩාවේ සමස්ත ඇමරිකාවේ ම වීරයා වූ අතර, 1980 ගණන්වල ක්‍රීඩාව ජනප්‍රියත්වයේ උච්චතම අවස්ථාවට පැමිණීමේදී ඔහුගේ දැවැන්ත ක්‍රීඩාශීලීත්වය සහ අසාමාන්‍ය සංදර්ශනාත්මක විලාසය ඒ සඳහා විශාල කාර්ය භාරයක් ඉටු කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හල්ක්, 1980 දී ඇන්ඩ්‍රේ ද ජයන්ට්ට මුහුණ දෙන අයුරු

ටෙරී ජීන් බොලියා ලෙස උපත ලැබූ ඔහු 1970 දශකයේ ෆ්ලොරිඩාහිදී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර, දේශීය රූපවාහිනී වැඩසටහනකදී 'ද ඉන්ක්‍රෙඩිබල් හල්ක්' නළු ලූ ෆෙරිග්නෝගේ ආධිපත්‍යය අභිබවා යාමෙන් පසු "හල්ක්" යන අන්වර්ථ නාමය ලබා ගත්තේ ය.

පසුව ඔහු ලෝක රෙස්ලිං සම්මේලනයට (WWF) සම්බන්ධ වීමෙන් පසු 'හෝගන්' බවට පත්වූ අතර - එහි හිමිකරු වන වින්ස් මැක්මහොන්ට අයර්ලන්ත නම් උච්චාරණයක් සහිත සටන්කරුවෙකු අවශ්‍ය වීම ඊට හේතු විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1984 වසරේදී සිය දෙමාපියන් සමග ගත් ඡායාරූපයක්

1984 දී නිව් යෝර්ක්හි මැඩිසන් චතුරශ්‍ර උද්‍යානයේ වේදිකාව පිටුපස සිය දෙමාපියන් වන පීටර් සහ රූත් සමග හෝගන් ඡායාරූපයකට පෙනී සිටියේ ය.

රෙස්ලිං ක්‍රීඩාව සංදර්ශනාත්මක රූපවාහිනී වැඩසටහනක් ලෙස ඔහුගේ ජනප්‍රියත්වය සමග අත්වැල් බැඳ ගනිමින් වර්ධනය වූයේ මෙම ක්‍රීඩාව ටෙලිනාට්‍ය, ජනප්‍රිය චරිත සහ කතා තේමා මෙම ව්‍යාපාරයේ ම සම්මිශ්‍රණයක් බවට පත් කරමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජනප්‍රිය සටන්කරුවෙකු වූ ඔහු ප්‍රතිවාදී සටන්කරුවන් සමග තරග වදින විට, පරම වීරයා සහ රසිකයින්ගේ ප්‍රියතම සටන්කරුවා විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1982 වසරේදී සිල්වෙස්ටර් සැටැලෝන් සමග තරග වදිමින්

හෝගන් 1982 දී රොකී III චිත්‍රපටයේ සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ ප්‍රතිවාදියා වූ තන්ඩර්ලිප්ස් ලෙස රඟපාමින් සිය රංගන කුසලතාව රිදී තිරයේ ප්‍රදර්ශනය කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

1987 දී ඩොලී නමැති කතා මාලාවේ ඔහු ස්ටාර්ලයිට් ස්ටාර්බ්‍රයිට් නමැති චරිතය නිරූපණය කළ අතර, ඔහුගේ රසිකාවියක වූ ගායිකාවක වන හෙඩ්ලොක් සිය 'ඔන් මයි හාර්ට්' ගීතය සඳහා වූ වීඩියෝවේ ඔහුගේ බිරිඳ ලෙස පෙනී සිටියේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1987 වසරේදී හල්ක්, ඩොනල්ඩ් ට්‍රම්ප්ට අතට අත දෙමින්

1989 දී නිව් ජර්සි ට්‍රම්ප් ප්ලාසාහිදී Wrestlemania V පවත්වන අවස්ථාවේ, හෝගන් ක්‍රීඩා උත්සවය මෙහෙයවූ ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවූ අතර පසු කලෙක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ලෙස පත් කිරීමට සහයෝගය පළ කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1993 වසරේදී තිරගත වූ Mr Nanny චිත්‍රපටයේ ප්‍රචාරක ඡායාරූපයකට පෙනී සිටිමින්...

ඔහු රෙස්ලිං වළල්ලෙන් පිට හොලිවුඩ් ක්ෂේත්‍රයේ "නෝ හෝල්ඩ්ස් බැරිඩ්", "සබ්අර්බන් කමාන්ඩෝ", "මිස්ටර් නැනී" (පින්තූරයේ) සහ "සැන්ටා විත් මස්ල්" වැනි චිත්‍රපටවල රඟපෑවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2000 වසරෙන් පසු නැවත රෙස්ලින් වළල්ලට පැමිණි ඔහු, රෙස්ට්ල්මේනියා X8 හි "Icon vs Icon" ලෙස නම් කරන ලද තරගයකදී ඩ්වේන් "ද රොක්" ජොන්සන් ඇතුළු නව පරම්පරාවේ රෙස්ලින්ග් තරු රැසකට මුහුණ දුන්නේ ය.

"මං ඔහුට වඩා හොඳ සෞඛ්‍ය තත්ත්වයක ඉන්නවා," හෝගන් ඔහුගේ 50 වන උපන් දිනයට මාස පහකට පෙර රොයිටර් පුවත් සේවයට පැවසීය - නමුත් තරගයෙන් 'ද රොක්' ජයග්‍රහණය කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හෝගන් ජෝන් සීනා සමග

2005 ටීන් චොයිස් සම්මාන උළෙලේදී ඔවුන්ගේ ඉදිරිපත් කිරීමකදී ජෝන් සීනාට හල්ක් හෝගන්ගේ ජවය අත්විඳීමට සිදු විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

වසර ගණනාවක් ගෙවී ගියත් හොගන්ගේ කීර්තිය වර්ධනය වූ අතර ඔහු අඛණ්ඩව සටන් කළේ ය. 2009 දී ඔහු තවත් ප්‍රවීණ සටන්කරුවෙකු වූ රික් ෆ්ලෙයාර් සමග රෙස්ලිං වළල්ලට පිවිසිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2009 නොවැම්බර් 28 වන දින ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි Acer Arenaහි පැවති 'Hulkamania Tour' අතරතුර ලේ වැගිරෙන මුහුණක් සහිතව ලණුවක එල්ලී සිටින හල්ක් හෝගන්.

රෙස්ලිං ක්‍රීඩාවේ සටන් සන්දර්භය බොහෝ විට කලින් ලියා තිබෙන්නට හැකි වුව ද, රුධිරය ගැලීම් සැබෑවක් විය.

සමස්තයක් වශයෙන්, හෝගන් WWF/WWE ශූරතා හයක් දිනා තිබේ. ඔහු අට වරක් WrestleManiaහි ශූරයා වූ අතර, WWE Hall of Fame සම්මානයට දෙවරක් නිර්දේශ විය.

2005-07 දක්වා ඔහුගේ බිරිඳ ලින්ඩා සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා සමග ඔහු ඔහුගේ ම "Hogan Knows Best" කතා මාලාවෙන් රියැලිටි රූපවාහිනී සාර්ථකත්වය අත්වින්දේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2015 දී 'ලීක්' වූ වීඩියෝවක් මගින් ඔහු වාර්ගික අපහාසාත්මක වචන භාවිත කළ බව තහවුරු වීම හේතුවෙන් WWE සංවිධායකයින් ඔහු ඉවත් කිරීම හේතුවෙන් ඔහුගේ කීර්ති නාමයට කැළලක් ඇති විය. "කරුණාකර මට සමාවෙන්න," ඔහු ABC හි Good Morning America වැඩසටහන සමග සම්මුඛ සාකච්ඡාවකදී කඳුළු සලමින් පැවසීය. "මං හොඳ මිනිහෙක්." ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මෑත වසරවලදී, ඔහු වාචිකව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් අතර දැවැන්ත චරිතයක් ලෙස ට්‍රම්ප් සම්බන්ධයෙන් සිය රසිකයන් අතර මතයක් ඇති කළේ ය. වසරකට පෙර රිපබ්ලිකන් ජාතික සමුළුව සහ පසුගිය ඔක්තෝබර් මාසයේදී නිව්යෝක්හි මැඩිසන් චතුරශ්‍ර උද්‍යානයේ පැවති ප්‍රචාරක රැලිය ඇතුළු අවස්ථාවලදී ඔහු ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වයට සහයෝගය පළ කළේ ය.