Meta සමාජ මාධ්‍ය: පලස්තීන ප්‍රදේශවල ප්‍රවෘත්ති සීමා කළ ආකාරය

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔමාර් එල් කටා උතුරු ගාසා තීරයේ සේවයේ යෙදී සිටින ඡායාරූප මාධ්‍යවේදියෙකි
    • Author, අහමඩ් නූර්, ජෝ ටයිඩි සහ යාරා ෆරාග්
    • Role, BBC අරාබි සේවය, BBC ලෝක සේවය & BBC Monitoring
  • කියවීමේ කාලය: මිනිත්තු 7

BBC විමර්ශනයකට අනුව, ඊශ්‍රායල-ගාසා යුද්ධය අතරතුරදී පලස්තීන ප්‍රවෘත්ති ආයතනවලට ප්‍රේක්ෂකයින් වෙත ළඟා වීමට ඇති හැකියාව Facebook විසින් දැඩි ලෙස සීමා කරනු ලැබ තිබේ.

Facebook දත්ත පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයකදී, 2023 ඔක්තෝබර් මාසයේ සිට පලස්තීනයේ ප්‍රදේශවල - ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ ප්‍රවෘත්ති කාමරවල ප්‍රේක්ෂක සහභාගිත්වයේ දැඩි පහත වැටීමකට ලක්ව ඇති බව අපට පෙනී ගියේ ය.

2023 ඔක්තෝබර් මාසයෙන් පසු Instagram - Meta සමාගමට ම අයත් සමාජ මාධ්‍ය වේදිකාවක් - එහි පලස්තීන පරිශීලක අදහස් මධ්‍යස්ථ කිරීම වැඩි කළ බව පෙන්වන කාන්දු වූ ලේඛන BBC පුවත් සේවය ද දැක ඇත.

Meta - Facebookහි හිමිකරු - එය හිතාමතා ම විශේෂිත අදහස් දැක්වීම් යටපත් කළ බවට වන ඕනෑ ම ඇඟවීමක් "නිසැකව ම අසත්‍ය" බව පවසයි.

ඊශ්‍රායල-ගාසා යුද්ධයේ ආරම්භයේ සිට, පිටස්තර වාර්තාකරුවන් කිහිප දෙනෙකුට පමණක් පලස්තීන වෙරළබඩ ප්‍රදේශයක් වන ගාසා තීරයට පිටතින් ඇතුළු වීමට අවසර දී ඇති අතර, ඔවුන්ට එය කිරීමට හැකි වූයේ ඊශ්‍රායල හමුදාවේ රැකවරණය යටතේ පමණි.

ගාසා තීරයේ සිට තවත් අදහස් පළ කිරීම් ඇසීමට කැමති අය සඳහා සමාජ මාධ්‍ය විසින් හිඩැස පුරවා තිබේ. බටහිර ඉවුරේ ක්‍රියාත්මක වන Palestine TV, Wafa ප්‍රවෘත්ති ඒජන්සිය සහ පලස්තීන Al-Watan News වැනි ප්‍රවෘත්ති අලෙවි සල් සඳහා වන ෆේස්බුක් පිටු ලොව පුරා බොහෝ දෙනෙකුට යාවත්කාලීන කිරීමේ වැදගත් මූලාශ්‍රයක් බවට පත් විය.

ඊශ්‍රායලයට එරෙහිව ඔක්තෝබර් 7 වන දා ක්‍රියාත්මක වූ හමාස් ප්‍රහාරයට ප්‍රථම වසර තුළ සහ එතැන් සිට BBC අරාබි සේවය විසින් පලස්තීනය පදනම් කර ගත් ප්‍රමුඛ පුවත් සංවිධාන 20ක ෆේස්බුක් පිටුවල දත්ත සම්පාදනය කරන ලදී.

Engagement යනු සමාජ මාධ්‍ය ගිණුමක් කෙතරම් බලපෑමක් ඇති කරන්නේ ද සහ එහි අන්තර්ගතය කොපමණ පිරිසක් දකිනවා ද යන්නෙහි ප්‍රධාන මිනුමක් වේ. එයට අදහස්, ප්‍රතිචාර සහ කොටස් ගණන වැනි සාධක ඇතුළත් වේ.

පලස්තීන ප්‍රවෘත්ති ආයතන සමග ෆේස්බුක් ක්‍රියාකාරකම් (engagements)

ඡායාරූප ශීර්ෂ වැකිය, පලස්තීන පුවත් Facebook පිටුවල පළ කිරීමකට ලැබී ඇති සාමාන්‍ය එන්ගේජ්මන්ට් ප්‍රමාණය ඉහත ප්‍රස්ථාරයෙන් පෙන්වයි. පළමු තීරුව 2022 නොවැම්බර් සිට 2023 ඔක්තෝබර් දක්වා වේ. දෙවන තීරුව ඔක්තෝබර් 7 වැනි දින ගැටුම ආරම්භ වූ පසු වසර පෙන්වයි.

ඊශ්‍රායල ප්‍රවෘත්ති ආයතන සමග ෆේස්බුක් ප්‍රේක්ෂකයින්ගේ ක්‍රියාකාරීත්වය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

යුද්ධයක් පවතින කාල පරිච්ඡේදයක් තුළ, ප්‍රේක්ෂක සහභාගීත්වය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. කෙසේ වෙතත්, 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රහාරයෙන් පසු දත්ත 77% ක අඩුවීමක් පෙන්නුම් කළේ ය.

Palestine TV ආයතනයේ ෆේස්බුක් පිටුව ෆලෝ කරන්නන් සංඛ්‍යාව මිලියන 5.8කි. එහි ප්‍රවෘත්ති කාමරයේ මාධ්‍යවේදීහු ඔවුන්ගේ පළ කිරීම් දකින පුද්ගලයින් සංඛ්‍යාවේ 60%ක අඩුවීමක් පෙන්නුම් කරන සංඛ්‍යාලේඛන අප සමග බෙදා ගත්හ.

එම නාලිකාවේ මාධ්‍යවේදියෙකු වන තරීක් සියාඩ් පවසන්නේ, "අන්තර්ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන් ම සීමා කර ඇති අතර අපගේ පළ කිරීම් මිනිසුන් වෙත ළඟා වීම නතර වී ඇති," බව ය.

පසුගිය වසර පුරා, පලස්තීන මාධ්‍යවේදීන් ඔවුන්ගේ සබැඳි අන්තර්ගතය මෙටා විසින් "ඡායා-තහනමකට" ලක් කරනු ලබන බවට බියක් මතු කර ඇත - වෙනත් වචනවලින් කිවහොත්, එය කොපමණ පුද්ගලයින් දකිනවා ද යන්න සීමා කර ඇත.

මෙය පරීක්ෂා කිරීම සඳහා, අපි Yediot Ahronot, Israel Hayom, සහ Channel 13 වැනි ඊශ්‍රායල ප්‍රවෘත්ති සංවිධාන 20ක Facebook පිටුවල එම දත්ත විශ්ලේෂණය සිදු කළෙමු. මෙම පිටු ද යුද්ධයට සම්බන්ධ අන්තර්ගතයන් විශාල ප්‍රමාණයක් පළ කළ නමුත් ඔවුන්ගේ ප්‍රේක්ෂක සහභාගීත්වය ආසන්න වශයෙන් 37% කින් වැඩි විය.

ඡායාරූප ශීර්ෂ වැකිය, තීරු ප්‍රස්ථාර එක ම කාල සීමාව තුළ ඊශ්‍රායල ප්‍රවෘත්ති සංවිධාන විසින් පවත්වාගෙන යනු ලබන Facebook පිටුවල සාමාන්‍ය එන්ගේජ්මන්ට් දත්ත පෙන්වයි.

Meta මීට පෙර පලස්තීනුවන් සහ මානව හිමිකම් කණ්ඩායම් විසින් ඉන්ටර්නෙට් ක්‍රියාකාරකම් සාධාරණ ලෙස මධ්‍යස්ථ කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කර ඇත.

සමාගම විසින් 2021දී පත් කරන ලද ස්වාධීන වාර්තාවක් පැවසුවේ, මෙය හිතාමතා කළ දෙයක් නොව, පරිපාලකයින් අතර අරාබි භාෂාව කතා කිරීමේ විශේෂඥතාව නොමැතිකම නිසා එය සිදුවූ බව ය. වචන සහ වාක්‍ය ඛණ්ඩ හානිකර නොවුව ද, ඒවා ප්‍රකෝපකාරී හෝ ප්‍රචණ්ඩ ලෙස අර්ථකථනය කෙරිණි.

නිදසුනක් වශයෙන්, "දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා" යන අරුත ඇති "අල්හම්දුලිල්ලා" යන අරාබි වාක්‍ය ඛණ්ඩය ඇතැම් විට "දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා, පලස්තීන ත්‍රස්තවාදීන් ඔවුන්ගේ නිදහස උදෙසා සටන් කරයි" ලෙස ස්වයංක්‍රීයව පරිවර්තනය විය.

මෙය පලස්තීන ප්‍රවෘත්ති ආයතන සමග ඇති එන්ගේජ්මන්ට් අඩුවීම පැහැදිලි වන්නේ දැයි බැලීමට, BBC විසින් Sky News Arabia සහ Al-Jazeera වැනි වෙනත් තැන්වල පදනම් වූ ප්‍රමුඛ අරාබි භාෂා ප්‍රවෘත්ති මූලාශ්‍ර 30 සඳහා ෆේස්බුක් පිටු සම්බන්ධයෙන් එම විශ්ලේෂණය සිදු කරන ලදී.

කෙසේ වෙතත්, මෙම පිටු 100%කට ආසන්න එන්ගේජ්මන්ට් වැඩිවීමක් දක්නට ලැබිණි.

අරාබි ප්‍රවෘත්ති ආයතන (පලස්තීන නොවන) සමග ෆේස්බුක් ප්‍රේක්ෂක ක්‍රියාකාරීත්වය

ඡායාරූප ශීර්ෂ වැකිය, කලාපයේ අරාබි භාෂා පුවත් පිටුවලින් එම කාල සීමාව සඳහා තීරු ප්‍රස්ථාරය

අපගේ විමර්ශනයට ප්‍රතිචාර දක්වමින් Meta පෙන්වා දුන්නේ, 2023 ඔක්තෝබර් මාසයේදී ගන්නා ලද "තාවකාලික නිෂ්පාදන සහ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග" රහසක් නොවන බව ය.

හමාස් සංවිධානය ඇමෙරිකාව අනුමත කර ඇති අතර Meta සමාගමේ ප්‍රතිපත්ති යටතේ භයානක සංවිධානයක් ලෙස නම් කර තිබීමත් සමග භාෂණයේ නිදහස සමතුලිත කිරීමේ අභියෝගයකට තමන් මුහුණ දී ඇති බව එම සමාගම පැවසීය.

Meta සමාගම කියා සිටියේ,යුද්ධය ගැන පමණක් පළ කරන පිටු බලපෑමට ලක්වීමට වැඩි ඉඩක් ඇති බව ය.

"අප අතින් වැරදි වන බව අපි පිළිගනිමු, නමුත් අපි හිතාමතා ම යම් හඬක් යටපත් කරන ඕනෑ ම ඉඟියක් නිසැකව ම අසත්‍ය යි," එහි ප්‍රකාශකයෙක් පැවසීය.

නිරාවරණය වූ Instagram ලේඛන

තම සමාගමේ ප්‍රතිපත්ති තනි තනි පලස්තීන පරිශීලකයින්ට ඇති කර ඇති බලපෑම පිළිබඳව මෙටාහි හිටපු සහ වත්මන් සේවකයින් පස් දෙනෙකු සමග ද බීබීසී සේවය කතා කර ඇත.

නිර්නාමිකව කතා කළ එක් පුද්ගලයෙක්, Instagramහි ඇල්ගොරිදම් ක්‍රමවේදයට කරන ලද වෙනසක් පිළිබඳව නිරාවරණය වූ අභ්‍යන්තර ලේඛන බෙදා ගත් අතර, ඉන්ස්ටග්‍රෑම් පළ කිරීම්වලට අදහස් දැක්වීම පලස්තීනුවන්ගේ මධ්‍යස්ථභාවය දැඩි කළේ ය.

"හමාස් ප්‍රහාරයෙන් සතියක් ඇතුළත, කේතය අත්‍යවශ්‍යයෙන් ම වෙනස් කරන ලද අතර එය පලස්තීන ජනතාවට වඩාත් ආක්‍රමණශීලී වුණා," ඔහු පැවසීය.

"පලස්තීන පරිශීලකයින්ට එරෙහිව පද්ධතියට නව නැඹුරුවක් හඳුන්වා දුන්" බවට කනස්සල්ලට පත්වූ ඉන්ජිනේරුවෙකු නියෝගය ගැන කනස්සල්ල පළ කළ බව අභ්‍යන්තර පණිවිඩ පෙන්වයි.

තමන් මෙම පියවර ගත් බව මෙටා තහවුරු කළ නමුත් පලස්තීන ප්‍රදේශවලින් පිටතට එන "වෛරී අන්තර්ගතයේ වැඩිවීමක්" ලෙස හැඳින්වෙන දෙයට ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය බව පැවසීය.

ඊශ්‍රායල-ගාසා යුද්ධය ආරම්භයේදී ක්‍රියාත්මක වූ ප්‍රතිපත්තිමය වෙනස්කම් දැන් ආපසු හැරවී ඇති බව එහි සඳහන් වූ නමුත් මෙය සිදු වූයේ කවදා දැයි සඳහන් කර නැත.

ගැටුමේ ආරම්භයේ සිට අවම වශයෙන් පලස්තීන මාධ්‍යවේදීන් 137 දෙනෙකු ගාසා තීරයේදී මරා දමා ඇති බව වාර්තා වේ, නමුත් ස්වල්ප දෙනෙක් අනතුරු නොතකා ඉදිරියට යති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2024 අගෝස්තු: පලස්තීන මාධ්‍යවේදීන් හම්සා මුර්ටෙකා අනුස්මරණය කරයි, 2023 ඔක්තෝබර් මාසයේ සිට ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් 137 දෙනාගෙන් එක් අයෙකි.

"බොහෝ තොරතුරු ව්‍යාජ නිසා ප්‍රකාශයට පත් කරන්න බැහැ - උදාහරණයක් විසිහට [ඊශ්‍රායල්] හමුදාව සමූල ඝාතනයක් කර අපි එය රූගත කළොත් වීඩියෝව සංසරණය වෙන්නේ නැහැ," ඡායාරූප මාධ්‍යවේදීන් කිහිප දෙනාගෙන් කෙනෙකු වන ඔමාර් එල් කටා පවසයි.

"නමුත් අභියෝග, අවදානම් සහ අන්තර්ගත තහනම් කිරීම් තිබියදීත්," ඔහු පවසන්නේ, "අපි දිගට ම පලස්තීන තොරතුරු බෙදාහදා ගත යුතුයි."

අතිරේක වාර්තාකරණය: රිහාබ් ඉස්මයිල් සහ නටාලී මර්සූගී