බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත් සාමාජිකයා: ලුවී ආතර් චාල්ස්

කියවීමේ කාලය: මිනිත්තු 1

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කැතරින් (කේට්) කුමරිය විසින් ඔවුන්ගේ අලුත්ම දරුවා ලුවී ආතර් චාල්ස් ලෙසින් නම් කරනු ලැබ තිබේ.

ඔවුන්ගේ දෙවෙනි පුත් කුමරු පසුගිය සඳුදා (අප්‍රේල් 23) ලන්ඩනයේ ශාන්ත මේරි රෝහලේදී උපත ලැබීය.

ඔහු මෙවක් පටන් කේම්බ්‍රිජ් හි ලුවී කුමරු ලෙසින් හැඳින්වෙනු ඇති බව විලියම් කුමරු සහ කේට් කුමරිය වාසය කරන කෙන්සින්ටන් මාලිගයේ නිලධාරීන් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.

බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම සාමාජිකයා රාජ්‍යත්වයට උරුමකම් කීම අතින් පස්වැන්නා වෙයි.

2013 වසරේ සිදු කරන ලද නෛතික වෙනස්කම් අනුව නව බිලිඳු කුමරාගේ සොහොයුරිය වන චාලට් කුමරිය රාජ්‍යත්වයට සැපත්වීමේ අයිතිය අතින් සිව්වෙනි තැන හිමිකර ගත්තාය.

එම වෙනස හඳුන්වා දීමට පෙර කාන්තාවකට කිරුළ දැරීමේ අයිතිය උරුම වුණේ පවුලේ පිරිමින් නොසිටියොත් පමණි.

විලියම් -කැතරින් රාජකීය පවුලේ පළමු දරුවා වන ජෝර්ජ් කුමරු 2013 වසරේත් එම පවුලේ දෙවැන්නිය වන චාලට් කුමරිය 2015 වසරේත් උපත ලැබූහ.

බ්‍රිතාන්‍ය රජ පවුල ගැන තවත් ලිපි: