ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජර්මනියේ දුම්රිය ස්ථානයක පොරව ප්‍රහාරයකින් හතකට තුවාල
බටහිර ජර්මනියේ ඩුසෙල්ඩොර්ෆ් නගරයේ දුම්රිය ස්ථානයකදී පුද්ගලයකු පොරවකින් පහරදීම නිසා හත් දෙනෙකු තුවාල ලැබූ බව ජර්මානු පොලිසිය පවසයි.
ඊයේ (මාර්තු 09) රාත්‍රී අටට පමණ එම ප්‍රහාරය එල්ල වී තිබේ.
ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තිස් හය හැවිරිදි ඔහු මානසික රෝගයකින් පෙළෙන යුගොස්ලෝවියානු ජාතිකයෙකු බව පොලිසිය පවසයි.
පොලිසිය වැඩි දුරටත් කියා සිටියේ ප්‍රහාරකයා, තෝරා ගැනීමකින් තොරව අහඹු ලෙස දුම්රියපොළේ සිටි පුද්ගලයන්ට පොරවකින් පහර දුන් නමුත් ප්‍රහාරයෙන් කිසිවෙක් මිය ගොස් නැති බවය.
එහෙත් එක් අයෙකු බරපතල තුවාල ලබා ඇති අතර දුම්රියපොළෙන් පලා යාමට උත්සාහ කළ ප්‍රහාරකයා පාලමකින් ඇදවැටීම හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
ප්‍රහාරයට හේතුව තවමත් හෙළිදරව් වී නැති අතර නැවතත් ප්‍රහාරයක් එල්ල වීමට ඇති ඉඩකඩ ඇහිරීමට පොලිස් නිලධාරීන් විශාල පිරිසක් තවත් සැකකරුවන් සිටී දැයි ප්‍රදේශය පරීක්ෂාවට ලක් කරමින් සිටිති.