ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ගර්භාෂය කුලියට දුන්' කාම්බෝජ කාන්තාවෝ
නීති විරෝධී ලෙසින් ගර්භාෂය කුලියට දෙන කාන්තාවන් උදෙසා සායනයක් පවත්වාගෙන ගිය ඕස්ට්‍රේලියානු හෙදියක් කාම්බෝජයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ටැමී ඩේවිස් චාර්ල්ස් නමැති හෙදිය ඕස්ට්‍රේලියානු කාන්තාවන් විසින් හදා වඩා ගැනීමට නියමිත දරුවන් ප්‍රසූත කිරීම සඳහා කාම්බෝජ කාන්තාවන් විසිතුන් දෙනෙකුට මුදල් ගෙවීමේ ඒජන්තවරියක ලෙස කටයුතු කර ඇති බව මිනිස් ජාවාරමට එරෙහි කාම්බෝජ පොලීසිය පවසයි.
එසේම උපදින දරුවන් කාම්බෝජයෙන් පිටකිරීම සඳහා ව්‍යාජ ලේඛන සැකසීම පිළිබඳවත් ඩේවිස් චාර්ල්ස් ට චෝදනා එල්ලවී ඇති බවත් පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.
මුදල් ඉපැයීම පිණිස ගර්භාෂය කුලියට දීම මීට සති කිහිපයකට පෙර කාම්බෝජය තුළ තහනම් කෙරිණ.
කාම්බෝජය එම තහනම නිවේදනය කළේ ජාවාරමක් ලෙස ගර්භාෂය කුලියට දීම නීතිවිරෝධී ආකාරයෙන් සිදුවන බවට වාර්තා පළවීමෙන් පසුවයි.