හයිටියේ මරණ සංඛ්‍යාව හාරසියය ඉක්මවයි

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, කුණාටුව ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය දෙසින් හමා යන බවයි වාර්තා වන්නේ

මැතිව් කුණාටුව හේතුවෙන් හයිටි රාජ්‍යයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 400 කට වඩා වැඩි බව බලධාරීහු පවසති.

රොෂේ ආ බැටූ නගරයේ පමණක් 50 දෙනෙකු මරණයට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

ජෙරමි නගරයේ නිවාස වලින් 80% ක් මුළුමනින්ම විනාශ වී ඇති අතර අතුරු පළාතක නිවෙස් 30,000 ක් එලෙස විනාශ වී තිබේ.

දහවල් 11. 00 වන විට කුණාටුව ෆ්ලොරිඩා වෙරළාසන්න ප්‍රදේශය හරහා ඩයිටෝනා වෙරළින් සැතපුම් 35 කට නැගෙනහිරින් වයඹදිග දිශාවට පැයට සැතපුම් දහතුනක වේගයෙන් ඇදීයමින් තිබුණු බවයි ජාතික කුණාටු තොරතුරු අංශය ප්‍රකාශ කළේ.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, බීමට ජලය රැගෙන යන ගැහැණු ළමයෙක්

කුණාටුව ඒ දෙසට ඇදෙමින් පවතින හෙයින් ඊයේ දිනයේ පටන් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, AFP/getty

ඡායාරූප ශීර්ෂ වැකිය, දස දහස් ගණනක් නිවාස විනාශ වී තිබේ

මේ සතිය මුල දී මැතිව් කුණාටුව හයිටි රාජ්‍ය මැදින් හමා ගිය අවස්ථාවේ පුද්ගලයන් තුන්සියයකට වැඩි පිරිසක් මරණයට පත් වූ බවයි වාර්තා වන්නේ.

එරට නිරිතදිග අර්ධද්වීපයට සහන සේවකයන් ලඟා වූ පසු සිදුවන මෙහෙයුම් වලින් පසු එම මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පැවසෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP/getty

ඡායාරූප ශීර්ෂ වැකිය, තම නිවෙස් යළි පිළිසකර කිරීමට වෙහෙසෙන ගම් වැසියන්

ෆ්ලොරිඩා වේ මිලියන ගණනක් ජනතාව අත්ලාන්තික් මුහුදු තීරය අතහැර කුණාටුව පැමිණීමට පෙර පලායමින් සිටිති.

කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ කුණාටුව ෆ්ලොරිඩා භූමියට කඩා නොවැදුනත් මුහුදේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ජනතාව පදිංචි වී සිටින වෙරළාසන්න ප්‍රදේශ වලට දැඩි හානියක් සිදුවිය හැකි බවයි.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ නිවාස යළි යථාතත්වයට පත්කළ නොහැකි තත්වයකයි පවතින්නේ

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු හයිටි හි ලෙස් කායෙස් හි සොහොන් කොතක් මතට ගසක වැටී ඇති අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, විනාශයට පත් වූ කොරාලි ගම්මානය ගුවනට දිස්වන ආකාරය