ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මැස්කරන්හස් එසෙක්ස් පුහුණුකරු තනතුරට
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත එංගලන්ත කණ්ඩායමේ හිටපු ක්‍රීඩක දිමිත්‍රි මැස්කරන්හස් එසෙක්ස් ක්‍රීඩා සමාජයේ නව නියෝජ්‍ය පුහුණුකරු ලෙස පත්කර තිබේ.
40 හැවිරිදි දිමිත්‍රි මීට පෙරාතුව නවසීලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබෙන අතර, ඔහු ක්‍රීඩා පිටියෙන් සමුගත්තේ 2013 දීය.
වසර 18 ක් හැම්ප්ෂයර් කණ්ඩායමට ක්‍රීඩා කළ ඔහු එක්දින අන්තර්ජාතික තරග 20 කට සහ 20-20 තරග 14 කට ක්‍රීඩා කර ඇත.
දිමිත්‍රි මැස්කරන්හස් වයස අවුරුදු 16 න් පහල ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් ද සේවය කර තිබේ.
එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් සංචිතයට නව පුහුණුකරුවන් පත්කෙරුණේ එහි ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් එංගලන්ත ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත්වීමත් සමගය.
ශ්‍රී ලංකාවට ජය
මේ අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය බ්‍රහස්පතින්දා පැවති විස්සයි විස්ස තරගය කඩුලු හයකින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
නියමිත ඕවර විස්ස අවසානයේ බංග්ලාදේශ කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුණු 193 ක් රැස්කළ අතර ඕවර 16 යි පන්දු 4 කදී එම ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
තවත් පුවත්: