ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රංගන හේරත් ලෝක වාර්තාවක් සම කරයි
ලොව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන සියලුම ප්‍රතිවාදී රටවලට එරෙහිව එක් ඉනිමකදී කඩුලු පහක් දවාගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රංගන හේරත් එම දක්ෂතාවය දැක් වූ ලොව තුන්වෙනි පන්දු යවන්නා බවට පත්විය.
රංගන හේරත් එම ලෝක වාර්තාව සම කළේ සිම්බාබ්වේ පිලට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු පහක් දවාගනිමිනි.
මීට ඉහතදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන සියලු රටවලට එරෙහිව කඩුලු පහ බැගින් දවාගැනීමට සමත් වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඩේල් ස්ටේන් පමණයි.
කණ්ඩායමේ ස්ථිර නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උප නායක දිනේෂ් චන්දිමාල් ආබාධවලින් පෙලෙන හෙයින් සිම්බාබ්වේ සංචාරය සඳහා තෝරා නොගැනිණ.
එබැවින් රංගන හේරත් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුණු අතර, සිය පළමු ටෙස්ට් තරගයේදීම ජයග්‍රහණය වාර්තා කළ පළමු ශ්‍රී ලංකා නායකයා බවට පත්වීමටත් ඔහු සමත්විය.
රංගන හේරත් දැනට එක් දින ජාත්‍යන්තර සහ විස්සයි විස්ස තරගවලින් විශ්‍රාම ගෙන සිටියි.