ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සාම්පූර්හි ළමා උද්‍යානයක් අසලින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි
ත්‍රිකුණාමලය, සාම්පූර් වෙරළ ආසන්නයේ ළමා උද්‍යානයක් අසල බිම් බෝම්බ සෙවීමේ කටයුතුවල නිරතව සිටි කණ්ඩායමකට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමු වුණේ පසුගිය 19 වන දා යි.
එම මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානය පරීක්ෂා කිරීම හා කැණීම් සිදු කිරීමේ මූලික කටයුතු මූතුර් ප්‍රධාන මහෙස්ත්‍රාත් තෂ්නීම් ෆව්ෂාන්ගේ මූලිකත්වයෙන් ජූලි 23 වන දා ආරම්භ විය.
මෙම කටයුතු සඳහා පුරා විද්‍යා දෙපාර්මේන්තුව, රජයේ රස පරීක්ෂක දෙපාර්මේන්තුව, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය, ත්‍රිකුණාමලය අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආයතන රැසක නිලධාරීන් පිරිසක් ඊට සහභාගි විය.