ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අපි ඕනම මොහොතක මැරෙන්න ඉඩ තිබ්බා'
'අපි ඕනම මොහොතක මැරෙන්න ඉඩ තිබ්බා'
පසුගිය සතියේ දී අසර්බයිජානය විසින් නගොර්නෝ-කරබාඛ් ප්‍රදේශය අත්පත්කර ගැනීමෙන් පසු, වාර්ගික ආර්මේනියානු සරණාගතයෝ මතභේදයට තුඩුදී ඇති එම ප්‍රදේශයෙන් වැඩි වැඩියෙන් පළායමින් සිටිති.
වාර්ගික ආමේනියානුවන් දහස් ගණනක් මේ වන විට ආර්මේනියාවට පැමිණ ඇත. ඔවුන් පළා ආ ප්‍රදේශය 120,000ක් පමණ වාර්ගික ආමේනියානුවන්ගේ නිවහන වෙයි.
සටන්වලින් නිවාස අහිමිවූවන් ඉවත් කිරීමට සැලසුම් කරනබවට ආර්මේනියානු රාජය ප්‍රකාශ කිරීමෙන් පසුව ඔවුහු පිටත්ව ආහ.