ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මිනිස්සු වෙනුවෙන්, භූමිය වෙනුවෙන් අපි සටන් වැදුණේ. අපිට මොනවාද ලැබුණේ ?'
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ දී LTTE සංවිධානයට බැඳුනු බොහෝ දෙනෙකු අද ජීවිතයේ අසරණව කල් ගෙවති.
මඩකලපුව, පුතුමන්ඩපත්තඩි ප්‍රදේශයේ ජීවත් වන වඩිවේල් වසන්ති ඒ අතරින් එක් අයෙකු වන්නීය. අලිමංකඩ සටනේ දී ඇගේ මුහුණට හානි සිදු විය.
''මිනිස්සු වෙනුවෙන් හා භූමිය වෙනුවෙන් තමයි අපි සටන් වැදුණේ. අපිට මොනවාද ලැබුණේ. රුපියල් 10 ක් ලැබුණාද? පඩියක් ලැබුණා ද? සටන් වැදිලා අපිට කිසිම ප්‍රයෝජනයක් ලැබුණේ නෑ. දැන් කරුණා අම්මාන්, පිල්ලෙයාන් වුණත් අපි දිහා හැරිලවත් බලන්නේ නෑ. මම එයාලට සපොර්ට් එකට හිටියා කියලා අහලවත් බලන්නේ නෑ.'' යනුවෙන් ඇය BBC සිංහල සේවයට පැවසුවාය.
තමා සමග සිටි බොහෝ දෙනෙකු අද ඉතා දුක්ඛිත ජීවිත ගත කරන බව ඇය පවසන්නීය.