නව මාර්ගයකට ඉඩ දීමට 76mක් ඈතට ගෙන යන නිවසක්

නව මාර්ගයකට ඉඩ දීමට 76mක් ඈතට ගෙන යන නිවසක්

ඉන්දියාවේ නිවසක් හයිඩ්‍රොලික් ජැක් ආධාරයෙන් එය තිබූ ස්ථානයෙන් මීටර් 76ක් (අඩි 250ක්) පමණ ඈතට ගෙන යමින් නව මාර්ගයක් සඳහා ඉඩ ලබාදීමට කටයුතු කරමින් තිබේ. 2017 දී ඉදිකරන ලද මෙම නිවස උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ බර්නාලා නගරයේ පිහිටා ඇති අතර එය ඉන්දීය රජයේ 'භාරත් මාලා' අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ යෝජිත මාර්ගයේ මැදට වැටී ඇත. මහාමාර්ග අධිකාරිය නිවසේ හිමිකරු වන සුක්ප්‍රීත් සිංට වන්දි ලබා දී ඇති නමුත්, ඔහු නිවස කඩා දැමීමට අකමැතිව තිබේ.