ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එංගලන්තයේ සිට ලංකාවට පැමිණ රෝගීන් වෙනුවෙන් 100%ක් නොමිලේ ගිලන් රථ සේවාවක් ඇරඹූ භික්ෂුව
එංගලන්තයේ සිට ලංකාවට පැමිණ රෝගීන් වෙනුවෙන් 100%ක් නොමිලේ ගිලන් රථ සේවාවක් ඇරඹූ භික්ෂුව
අසාධ්‍ය සහ ගමනාගමනය අපහසු රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා සම්පූර්ණයෙන් ගමනාගමන පහසුකම් සපයන ගිලන් රථ සේවාවක් පිළිබඳව බීබීසී සිංහල සේවයට වාර්තා විය.
ඒ, නිකවැරටිය, රස්නායකපුර ප්‍රදේශයෙනි. මෙය කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති ප්‍රදේශයක් වන අතර මේ ගිලන් රථ සේවාව පවත්වාගෙන යන්නේ, පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමියන් විසිනි.
එමගින් කොටවෙහෙර, කොබෙයිගනේ, නිකවැරටිය, රස්නායකපුර කියන ගම්මානවල ජනතාව සේවාව ලබයි.