ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලිබියාවේ ජල ගැලීම්:මිනිසුන් දහස් ගණනක් මහමගට ඇද දැමු ඩැනියෙල් කුණාටුව
ලිබියාවේ දරුණු ජලගැලීමෙන් පුද්ගලයන් 11,000ක් මියගොස් ඇති බවත්, 20,000ක් අතුරුදහන්ව ඇති බවත් රතු අඩ සඳ සංවිධානය පවසයි.
වැඩි හානියක් සිදු වූ වරාය නගරයේ නගරාධිපති පවසන්නේ මිය ගිය මුළු සංඛ්‍යාව 20,000 දක්වා ළඟා විය හැකි බවයි.
පුද්ගලයන් 30,000කට පමණ නිවාස අහිමි වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය පවසන අතර දූෂිත ජලයෙන් රෝග ඇතිවීමේ අවදානම ගැන අනතුරු අඟවා තිබේ.
ඩැනියෙල් සුළි කුණාටුව කඩා වැදීමත් සමග පසුගිය ඉරිදා ඩර්නා හි වේලි දෙකක් සහ පාලම් හතරක් කඩා වැටී නගරයේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යට විය.