ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මානව හැසිරීම් ගැන ඉගෙනීමට විද්‍යාඥයන් වඳුරන් 2000ක් පමණ අධ්‍යයනය කරන ස්වභාවික රසායනාගාරය
කායෝ සන්තියාගෝ දූපත 'වඳුරු දූපත' ලෙස ද හැඳින්වේ. එය ලෝකයේ පැරණිතම වඳුරන්ගේ ජනපදයකි.
පෝටෝ රිකෝ වෙරළට ඔබ්බෙන් පිහිටා ඇති මෙම දූපතේ මෙම දූපතේ 1,800 ක පමණ වඳුරු ගහනයක් සිටිති. මේ වඳුරන්ගේ මුතුන් මිත්තන් ඉන්දියාවෙන් පැමිණි අතර උන් පිළිබඳ වසර 80 කට වැඩි කාලයක් විද්‍යාඥයෝ අධ්‍යයනය කළහ.
සත්ව ආරක්ෂණ සංවිධානයක් වන PETA විසින් මෙම පර්යේෂණ මධ්‍යස්ථානයේ සමහර භාවිතයන් විවේචනයට ලක් කරතිබේ. කෙසේ වෙතත්, පර්යේෂණ මධ්‍යස්ථානය පවසන්නේ ඔවුන් එක්සත් ජනපද රෙගුලාසිවලට අනුකූලව මෙම සතුන් හසුරුවන බවය. මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා BBC මුන්ඩෝ සේවය කායෝ සන්තියාගෝ දූපතේ සංචාරය කරන ලදී.