ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඕස්ට්‍රේලියානුවෙකු සිහිනෙන් දුටු අංකවලට ලොතරැයි දිනුමක්
දහතුන් වසරකට පෙර සිහිනෙන් දුටු අංක සටහන් වුණු ලොතරැයි පතකට ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් හිමි වූ පුද්ගලයෙක් පිළිබඳ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.
සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ මෙම පුද්ගලයා පැවසුවේ ඉලක්කම් කිහිපයක් සිහිනෙන් දුටු දින පටන් ඒවා සඳහන් වී තිබෙන ලොතරැයි පත් මිලදී ගත් බවය.
"මම අන්තර්ජාලයෙන් ටිකට් පතේ අංක පරීක්ෂා කළ විට තමයි මේ ගැන දැනගත්තේ. මම හිතුව කවදාහරි ඒ අංක සේරම එකට දකියි කියලා. මම අත්හැරියේ නැහැ!" ඔහු පැවසීය.
මින් පෙර ද දිනුම් ඇදීම්වලට මෙම අංක භාවිත කිරීමෙන් ත්‍යාග හිමි වුණු බව ඔහු පැවසුවේය.
"අනිවාර්යයෙන්ම මේවා මට වාසනාව උදා කරන අංක. මම දිගටම මේවා දිනුම් ඇදීම්වලට පාවිච්චි කරනවා."
ඔහු මෙම ලොතරැයිපත මිලදී ගෙන තිබෙන්නේ ටැස්මේනියාවේ පුවත්පත් නියෝජිතයෙකුගෙනි.
වාසනාව උදා කළ අංක සිහිනෙන් දුටු පළමු ජයග්‍රහයකයා මොහු නොවේ.
මෙම මස මුල දී ඇමරිකානු කාන්තාවක් ද තමන් සිහිනෙන් දුටු අංක ඇති ලොතරැයිපතකින් ඩොලර් 101,600ක මුදලක් ජයග්‍රහණය කළ බව වාර්තා වේ.
මේ තොරතුරුද කියවන්න: